ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් කොරෝනා රිංගයි

Thursday, 29 October 2020 - 12:30

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකවරයෙක් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු පසුගිය 16 දා පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගිය පුද්ගලයන්ට පීසීආර් පරීක්ෂණයකට ලක්වන ලෙස පැවසුව ද ඔහු ඒ බව නොදන්වා කාර්යාල භූමියේ රැඳී සිටි බවත් දෙපාර්තමේන්තුවේ ම එක් අංශයක රාත්‍රිය ගතකර ඇති බවත් වාර්තා වෙයි.

ඒ වනවිටත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන් හා අනිකුත් සේවකය් ප්‍රමාණය සීමා කර තබී ඇති අතර ආසාදිත පුද්ගලයා තමන්ට රාජකාරී සඳහා අදාළ නොවන දිනයක දී ද කාර්යාලයට පැමිණ ඇතැයි ද දැනගන්නට ඇත.

මේ පුද්ගලයා මාළු වෙළෙඳ සංකීර්ණයට ගිය බවට වෙනත් අයකුගෙන් ලැබුණු තොරතුරක් මත ඔහු පිළිබඳ සොයා බැලීම් කිහිපයකින් අනතුරුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබේ.

එම පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයකු බවයි. ඔහු මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔහු සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ 40ක පමණ පිරිසක් පිළිබඳ අනාවරණය වී ඇති බවත් එම සියලු දෙනාම පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.
35


හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයි.
Monday, 23 November 2020 - 12:09

පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හමුවී ඇ...Read More

කොරෝනා නිසා කොළඹ දැඩි අවදානම් මට්ටමට – GMOA අනත...
Monday, 23 November 2020 - 12:06

කොරෝනා හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත...Read More

දේශීයරජයේ පාසල් රැසක් අද විවෘත කෙරේ.
Monday, 23 November 2020 - 12:01

පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර ...Read More