අලුත් වෙළෙන්දන්ගෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිරී යයි

Thursday, 29 October 2020 - 12:26

දැනට වසා දමා ඇති බස්නාහිර පළාතට අයත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මෙන්ම දැනට ඇඳිරි නීතිය පනවා ඇති බලප්‍රදේශවල අලුත් වෙළෙන්දන් පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පුරා විසිරී සිටීම හේතුවෙන් එහි දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙනත් දිනවල පස්වරු 6.30 වන විට වෙළඳාම් කටයුතු අවසන් අදියරේ පසුවුවද ඊයේ රාත්‍රි 10 පසු වනතුරුත් ආර්ථික මධ්‍යස්ථානය තුළ විශාල ජනතාවක් එළවළු මිලදී ගැනීම සඳහා රැඳී  සිටීම නිසා ව්‍යාපාරිකයන්, ගනුදෙනුකරුවන් මෙන්ම ගොවීන් ද දැඩි අසීරුතාවයකට පත්ව සිටි අතර දැඩි අනාරක්ෂිත තත්වයක් ඇතිවී තිබුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

කොළඹ, මිනුවන්ගොඩ, ගම්පහ, ජාඇල, ඒකල, වත්තල, දිවුලපිටිය, දුනගහ ආදී ප්‍රදේශවල විවිධ රැකියා කරන පුද්ගලයින් වෙළෙන්දන් ලෙස එලවළු රැගෙන යෑම සඳහා රාත්‍රියේ දඹුල්ලට පැමිණ සිටි බව දඹුල්ලේ ව්‍යාපාරිකයෝ සඳහන් කළා.

කිසිම දිනක මෙම වෙළෙන්දන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී දැක නොමැති බව ද ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් පෙන්වා දුන්නා.
35


හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයි.
Monday, 23 November 2020 - 12:09

පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හමුවී ඇ...Read More

කොරෝනා නිසා කොළඹ දැඩි අවදානම් මට්ටමට – GMOA අනත...
Monday, 23 November 2020 - 12:06

කොරෝනා හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත...Read More

දේශීයරජයේ පාසල් රැසක් අද විවෘත කෙරේ.
Monday, 23 November 2020 - 12:01

පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර ...Read More