සිය නිෂ්පාදන වර්ජනයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති ප්‍රංශය එය අත්හිටුවන ලෙස මැදපෙරදිග රටවල්වලින් ඉල්ලයි

Wednesday, 28 October 2020 - 14:38

සිය නිෂ්පාදන වාර්ජනය කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවන ලෙස ප්‍රංශය මැදපෙරදිග රටවල් වෙතින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

මෑතක දී ප්‍රංශයේ පාසලක ඉතිහාසය විෂය භාර ගුරුවරයා විසින් පන්ති කාමරයේදී ඉස්ලාම් දහමේ අවසාන නබිවරයා වන මුහම්මද් නබි තුමා සමච්චලයට ලක් කරමින් විවිධ රූපරමු සිසුන්ට ප්‍රදර්ශනය කර තිබුණා.

මින් කෝපාවිෂ්ට වූ ප්‍රංශ ජාතික මුස්ලිම් සිසුවෙකු එම ගුරුවරයාගේ ගෙළ කපා ඝාතනය කළ අතර අනතුරුව ප්‍රංශ පොලිසිය විසින් ඝාතකයා වෙඩි තබා මරා දමන ලදි.

මෙම සිද්ධියට අදාළ ගුරුවරයාගේ ක්‍රියාකලාපය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බවත් ප්‍රංශය තුළ මෙවැන්නි දෑ සාමාන්‍ය බව පවසමින්  ප්‍රංශ ජනාධිපති ඉමැනුවල් මැක්රෝන් උක්ත ඉතිහාස ගුරුවරයාගේ ක්‍රියාකලාපය සාධාරනීකරණය කර සිටියා.

මෙම අදහස ලෝවාසි සියලු මුස්ලිම් ජනයාගේ කෝපයට හේතු සාධකයක් වූ අතර මේ වන විටත් බොහෝ රටවල්වල ද ප්‍රංශ ජනපතිට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරීම ආරම්භ කර තිබේ.

ලෝවාසි මුස්ලිම් ජනයාගේ පැහැදිලි කිරීම ගුරුවරයෙකු ඝාතනයට ලක් කීරීම තරයේ හෙළා දැකිය යුතු නමුත් මුස්ලිම් ජනයාගේ ප්‍රියාදරයට පාත්‍ර නබිවරයා හට සමච්චල් කිරීම සාධාරනීකරණය කිරීම කිසිවිටෙක පිළිගත හැකි නොවන බවයි.

ඒ අනුව මේ වන විට ද කුවේට්, කටාර්, ජෝර්දාන් සහ මැදපෙරදිග රටවල් කිහිපයක්ම පාහේ ප්‍රංශයේ නිෂ්පාදන මිළ දී ගැනීම වර්ජනය කිරීමක් ආරම්භ වී ඇති අතර ඇතැම් රටවල්වල ප්‍රංශ නිෂ්පාදන ප්‍රධාන සුපර් මාකට් වලින් ද ඉවත් කිරීමට ද කටයුතු කර තිබේ.

විශේෂයෙන් සුවඳ විළවුන් සහ තවත් නිෂ්පාදන කිහිපයක්  සඳහා මැදපෙරදිග රටවල් හි ප්‍රංශයේ නිෂ්පාදන වලට ඇති ඉල්ලුම හා පවතින වර්ජනය සමඟ විශාල බලපෑමකට ලක්ව ඇති ප්‍රශය මෙම වර්ජනය නවාතාලීමට මැදපෙරදිග රටවල් වලින් ඉල්ලීමක් සිදු කර තිබේ.

18


කොවිඩ් එන්නතක මිල ගැන අනාවරණයක්.
Monday, 23 November 2020 - 12:09

තම සමාගම විසින් නිපදවනු ලබන කොවිඩ් එන්නතේ මා...Read More

ට්‍රම්ප්ගේ Tik Tok තහනම් කිරීමේ තීරණය එරට අධිකරණ...
Monday, 23 November 2020 - 12:06

අමෙරිකාව තුළ ඊයේ  රාත්‍රියේ සිට ක්‍රියාත්...Read More

කාබුල් නුවරට රොකට් ප්‍රහාර කිහිපයක් සහ මෝටා...
Monday, 23 November 2020 - 12:05

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාර...Read More