ඇමරිකාවේ බිඳ වැටීම ගැන ඉබ්නු කල්දුන් අනාවැකි පළ කළේද?

Friday, 23 October 2020 - 12:38

අද ඇමරිකාවට ඇති ලොකුම තර්ජනය චීනය නොවේ. එය ඉරානය හෝ උතුරු කොරියාවද නොවේ. අද ඇමරිකාවට ඇති ලොකුම තර්ජනය, නිසැකවම ඇමරිකාවමය. 14 වන සියවසේ විසු මුස්ලිම් වියතෙකු වු ඉබ්නු කල්දුන් මෙම සත්‍යය අපට පැහැදිලි කරන්නට උපකාර වී ඇත.
ඉබ්නු කල්දුන්ගේ කෘතිය වන මුකද්දිමා ඉතා ප්‍රකටය. මුකද්දිමා යනුිහැඳින්වීම යන්නයි. ලෝක ඉතිහාසය පිළිබඳ ඔහු පසුව ලියු ග්‍රන්ථයට හැඳින්වීමක් ලෙසින් ඔහු මුකද්දිමා ලියුවේය.
සාම්ප්‍රදායික ඉස්ලාමීය ඉතිහාස ලිවීමේ ක්‍රමය ඉබ්නු කල්දුන් දැඩි ලෙස විවේචනය කළේය. ඒවා හුදුවේ සිදුවීම්වල දින වකවානු, නම් සහ පෙළපත් පමණක් වාර්තා කළ බව කල්දුන්ගේ මතය විය. ඒ අනුව මුකද්දිමා මගින් නව විද්‍යාවක් හඳුන්වා දීමට කල්දුන් අපේක්ෂා කළ අතර එය ඉතිහාසය යනු සිදුවීම් වාර්තා කිරීම පමණක් සීමා නොවී අනුමාන හා අනාවැකි ප්‍රකාශන කරන විද්‍යාවක් බවටද ඔහු පත් කළේය. ඔහුගේ එම නව ප්‍රවේශය විශ්වීය රටා සහ සියලු‍ මානව සමාජ ක්‍රියාත්මක වන මූලික මූලධර්ම විශ්ලේෂණය කරන්නක් විය. එමගින් ඉදිරියට සිදු වනු ඇත්තේ කුමක්දැයි නිසැකයෙන්ම ඔහුට පෙන්වා දිය හැකි විය. හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් පවා කල්දුන්ගේ ප්‍රවේශය පැසුසමට ලක් කළේය.
ඉබ්නු කල්දුන්ගේ මතවාද ඇමරිකාවට අදාල වන්නේ කෙසේදැයි බලමු.
අනාගතයේ බිහි වන අධිරාජ්‍යවල හා ශිෂ්ටාචාරවල චක්‍රීය නැගීම හා බිඳවැටීම නිවැරදි ලෙස අනුමාන කිරීමේ සංකල්පයක් කල්දුන් සොයා ගත් අතර එය ඔහු අසබිය්යා යැයි හැඳින්වීය.
අසබිය්යා යනු අන්තර් කණ්ඩායම් සහයෝගීතාව නැත්නම් සමාජ සහජීවනය යැයි විග්‍රහ කළ හැකිය.
සිය නිජබිම් ප්‍රදේශය වු උතුරු අප්‍රිකාවේ ඉතිහාසය නිරීක්ෂණය කළ ඉබ්නු කල්දුන් යල්පනිමින් තිබුනු නාගරික වංශාවලි බාහිර ගෝත්‍රිකයන් විසින් පෙරලා දමන නිරන්තර රටාවක් දුටුවේය. එම බාහිර ගෝත්‍රික ජනතාවගේ උසස් අසබිය්යාව මෙයට හේතුව වු බව කල්දුන් පෙන්වා දෙයි.
සහයෝගීතාවයේ මෙම අනf්‍යානය හැඟීම සමූහයකට එක්සත් පෙරමුණක් ඉදිරිපත් කිරීමට සහ ඔවුන්ගේ සාමූහික ප්‍රයෝජනය සඳහා අවශ්‍ය කැපකිරීම් කිරීමට ඉඩ සලසයි. මෙය වනාහී පුද්ගලයන් තමන්ව තනි පුද්ගලයන් ලෙස දැකීම නවතා තමන් සාමූහික ජනසමාජයක සාමාජිකයන් ලෙසින් දැකීමේ ආකල්පයයි.
ඉබ්නු කල්දුන්ගේ මතය අනුව, පොදු පැරැණ්නෙකුගෙන් තමන් පැවත එන බව ඔවුන් දුටුවද, ඔවුන්ව ඇත්තෙන්ම එකට බැඳ තබන්නේ ඔවුන් අතර ඇති සමාජ සමානතාවය සහ අන්තර්කරණනයි.
ඇත්ත වශයෙන්ම, කල්දුන් පැහැදිලිවම සඳහන් කරන්නේ -ගෝත්‍රයේ හෝ වංශයේ සම්භවයක් ඇති අය සමඟ බෙදා නොගත්තද- මෙම සහයෝගීතාවයේ හැඟීම් සේවාදායකයින්ට හෝ සගයන්ට පවා ව්‍යාප්ත විය හැකි බවයි. එනමුත්, ඔවුන්ගේ නිරන්තර සමීප සම්බන්ධතා හේතුවෙන් ඔවුන් තම අසබිය්යාව බෙදා ගන්නා බවද කල්දුන් පෙන්වා දෙයි. මෙයින් ගම්‍ය වන්නේ අසබිය්යාව මුලික වශයෙන් නිර්මාණය වන්නට ඇත්තේ ගෝත්‍රික ජනයාගේ ජනවාර්ගික බැඳීම් නිසා වුවද පසුව එය ඕනෑම දේශපාලන සමුහයකට ව්‍යාප්ත විය හැකි බවයි.
මෙය ඇත්ත වශයෙන්ම මෙම තීරණාත්මක ප්‍රශ්නය නිර්මාණය කරයි. කණ්ඩායමකට අසබිය්යා අහිමි වන්නේ කෙසේද?
ඕනෑම හොඳ දෙයක් අවසානය දැකිය යුතුමය.
අසබිය්යාවේ ස්වාභාවික ප්‍රතිඵලය වනු ඇත්තේ අන් අය කෙරෙහි ආධිපත්‍යය දැරීම සහ දේශපාලන පාලනය සාක්ෂාත් කර ගැනීම කණ්ඩායමේ අරමුණ වීමයි. කෙසේ වෙතත්, අසබිය්යා එහි අවසාන ඉලක්කය කරා ළඟා වන්නේ අවසානයෙහි ආරම්භය සනිටුහන් කරමිනි.
මිනිසා මෙන් රාජවංශ හා සංකල්පවලට ස්වාභාවික ආයු කාලයක් ඇති බව ඉබ්නු කල්දුන් තර්ක කළේය. එමෙන්ම මිනිසුන්ගේ මෙන්ම සංකල්පයක ආයු කාලය දීර්ඝ කිරීමට හෝ කෙටි කිරීමට යම් යම් සාධක බලපානු ඇත යැයිද ඔහු කීවේය.
නව වංශයයක් කාන්තාරයෙන් ඉවත්ව නගරයට සංක්‍රමණය වී එහි බලයේ ආසනයේ වාඩි වන විට, එහි සුඛෝපභෝගී ජීවිතයටද එම නිතැතින්ම ඇදී යයි. සුඛෝපභෝගීත්වය වැඩි වැඩියෙන් අවශ්‍ය වන විට අසාධාරණ ලෙසින් බදු ඉහළ නැංවීම අවශ්‍ය වෙයි. එවිට එය අඩු ඵලදායිතාවයට තුඩු දෙයි. එමෙන්ම තම නව සුඛෝපභෝගී රටාව පවත්වා ගෙන යාම සඳහා එම වංශය වැසියන්ගේ දේපළ අයිතිවාසිකම්ද උදුරා ගන්නට පෙළඹෙයි. ඔවුන් එසේ කරන විට, ප්‍රභූ පැලැන්තිය දුර්වල වී සැබෑ පාලනය කටයුතුවලට වඩා ඔවුන් අතර බෙදීම් ඇති වී තමන්ව පෝෂණය කිරීමටම ඔවුන් වැඩියෙන් අවධානය යොමු කරති.
කාන්තාර එඬෙරන් විසින් නාගරික වංශාවලි බලයෙන් පහ කරන යුගයක අප තවදුරටත් ජීවන් නොවන්නට පුළුවන. එනමුත් දේශපාලන සංවිධානවල පැවැත්ම සමාජ බැඳීම් තීරණය කරන යුගයක නම් අප තවමත් ජීවත් වන්නෙමු. ඒ අනුව ඇමරිකාවේ දේශපාලන සන්නිවේදනයට ඇති වී තිබෙන උදහස හා කඳවුරුවලට වෙන්වීමේ ප්‍රමාණ ගත් කල ඇමරිකාවට තම අසබිය්යාව අහිමි වෙමින් පවතින බව නම් පැහැදිලිය.
ඉබ්නු කල්දුන්ගේ මුකද්දිමා කෘතියේ සඳහන් වී ඇති එපරිද්දෙන්ම වු ප්‍රභූ පන්තියක් වර්තමානයෙහි ඇමරිකාවේ බිහි වී තිබේ. එහි විස්තර කර ඇති පරිදිම මෙම ප්‍රභූ පන්තිය එම විද්‍යාලවලටම හා සමාජ ශාලාවලට යන අතර පසුව නියැලෙන්නේද එම රජයේ හා පුද්ගලික අංශයේ උසස් රැකියාවලමය.
රාජ්‍ය මට්ටමින් ගත් කල රජයේ හා පුද්ගලික අංශ දුර්වල වන හෙයින් ඇමරිකාව වැඩියෙන් නැඹුරු වන්නේ දැවැන්ත සමාගමික රජයක් වෙතය. වර්තමානෙයහි නීති සම්පාදනය පවා සිදු කරන්නේ දැවැන්ත සමාගම් විසින් වන අතර පාලකයන් එම නීති නිකමට හෝ කියවා බලන්නේවත් නැති තරම්ය. එපමණක් නොව අතීතයෙහි පාලකයන් විසින් දැඩි නියාමනයට ලක් වුනු එම ක්ෂේත්‍රය වෙනුවෙන් හඬ නගන්නන් බවටද පාලකයන් දැන් පත්ව සිටිති.
මේ සියල්ල නීත්‍යානුකූල වන්නේ කෙසේද යන කරුණ සාමාන්‍ය මිනිසාට තේරුම් ගන්නටවත් බැරිය. එම ක්‍රියාවලිය එතරම්ම සංකීර්ණය. එනමුත් පාලකයන් සහ දැවැන්ත සමාගම් විසින් තමන්ව ගොනාට අන්දමින් සිටින බව නම් ඔහුට වැටහේ.
මෙහි අවසාන ප්‍රතිඵලය කුමක්ද? සමීක්ෂණයකට අනුව පසුගිය වසර පහක කාලයක් මුළුල්ලේ රජය හරි දේ කරන බව විශ්වාස කරන ජනතා ප්‍රතිශතය 20 % ටත් වඩා අඩු වී ඇත.
ඩොනල්ඩ් ට්රම්ප් රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා බවට පත් වුයේ ඉතා හොඳින් ස්ථාපිත වු ඇමරිකාවේ දේශපාලන ආයතන විවෘතවම විහිළුවට ලක් කිරීම මගිනි. ට්‍රම්ප්ට සහය දැක්වුවන්ගෙන් වැඩි දෙනෙකුගේද විශ්වාසය වුයේ එම ආයතන තමන්ට කිසිදු සේවාවක් කිසිවිටෙක නොකළ බවයි. එනිසා ඒවාට සරදම් කළ ට්‍රම්ප් ජය ගත්තේය.
ඉතාම ජනප්‍රියත්වය අඩු පුද්ගලයන් දෙදෙනෙකු තරඟ කල පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය වුයේ කුමක්ද? ජන්දදායකයන් ඉදිරියේ විකල්ප දෙකක් තිබුනි:
1. තමන් අකැමැති එහෙත් එතරම් නොදන්නා පුද්ගලයා ජනාධිපති ලෙසින් තේරීම
2. තමන් අකැමැති එහෙත් හොඳින් දන්නා පුද්ගලයා ජනාධිපති ලෙසින් තේරීම
මිනිසුන් නිතැතින්ම පළමු විකල්පයම තෝරා ගත්හ. එනම් තමන් අකැමැති එහෙත් හොඳින් නොදන්නා ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඔවුන් ජනාධිපති ලෙසින් තෝරා පත් කර ගත්හ.

බෙදී විනාශ වීම

වසර හතරකට පසු ජෝ බයිඩන්ගේ කඳවුර නොකඩවා ඉදිරිපත් කළ සරල තර්කයක් විය. බයිඩන් ජයග්‍රහණය කර ජාතිය සුවපත් කරන්න යනු එම තර්කයයි. මෙම පණිවිඩය කීමට පසුගිය දින බයිඩන් ගෙටීම්බර්ග් ප්‍රදේශය තෝරා ගත්තේය. ඇමරිකානු සිවිල් යුද්ධයේ එක් සුප්‍රරසිද්ධ සටන් බිමක් වන්නේ මෙය වන අතර මෙයට වඩා හොඳ ස්ථානයක් බයිඩන්ට මේ සඳහා තෝරා ගන්නට නැත.
මෙය නැණවත් ජන්ද කොට්ඨාස තේරීමක් ලෙසින් පෙනුනද එය එසේ නොවේ. මන්ද යත් ගැටළුව සඳහා වන ඔවුන්ගේ රෝගවිනිශ්චය අතිශය වැරදි සහගත එකක් වන බැවිනි.
ට්‍රම්ප් සිය ඡන්ද වාසිය උදෙසා ඇමරිකාවේ අසමගිය නොකඩවා යොදා ගත්තේය. නමුත් එම අසමගිය නිර්මාණය කළේ ඔහු නොවේ.
වර්තමානයෙහි ඇමරිකාවේ සියලු‍ම අර්බුදවලට හේතුව වන සියලු‍ම දේවල මිනිස් ප්‍රතිරූපය ඩොනල්ඩ් ට්‍රම්ප් යැයි ඩිමොක්රටික් පාක්ෂිකයන් විශ්වාස කරති. ඇත්තෙන්ම එම භූමිකාව ට්‍රම්ප්ට මනාවට ගැලපේ. ප්‍රශ්නවලට මිනිස් රුවක් දිය හැකි නම් අද ඇමරිකාවේ ප්‍රශ්නවල මිනිස් රුව ඩොනල්ඩ් ට්‍රම්ප් බවට විතර්කයක් තිබිය නොහැක. ඉබ්නු කල්දුන්ගේ මතය අනුවත් මෙය නිවරුදිය.
මෙය තවත් කරුණක් තහවුරු කරයි. එනම් ඇමරිකාව අද සිය අසබිය්යාව අහිමි කර ගෙන ඇත.

41


ශ්‍රීමත් ෂෝන් කොනරි : ජේම්ස් බොන්ඩ් චිත්‍ර...
Monday, 02 November 2020 - 12:07

ස්කොට්ලන්ත ජාතික නළු ශ්‍රීමත් ෂෝන් කොනරි  ...Read More

නෙදර්ලන්ත විද්‍යාඥයන් පිරිසක් අලුත් මිනිස්...
Saturday, 24 October 2020 - 11:36

නෙදර්ලන්ත පර්‌යේෂණ ආයතනයක විද්‍යාඥයන් පිරි...Read More

800 චිත්‍රපටියෙන් ඉවත් වෙන්න කියා මුරලි ඉල්ලය...
Tuesday, 20 October 2020 - 10:33

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන මතකයක් වූ මු...Read More