දිනේෂ් කාර්තික් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Saturday, 17 October 2020 - 10:42

කොල්කටා නයිට්‍රයිඩස් කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. පිතිහරඹය අවධානයට ගනිමින් මෙලෙස ඉල්ලා අස්වූ බවයි වාරතා වෙන්නේ. ඔහු නායකත්වය දරන කොල්කටා නයිට්‍රයිඩස් කණ්ඩායමේම එංගලන්ත ක්‍රීඩක මෝගන් ද ක්‍රීඩා කරයි.

එංගලන්තයට ලෝක කුසලානය හිමිකරදුන් මෝගන් හට වඩාත් අත්දැකීම් ඇති බැවින් ඔහුම නායකත්වයට සුදුසු බවයි රසික මතය වී තිබෙන්නේ.

මේ හේතුවෙන් දිනේෂ් කාර්තික් තම නායකත්වය ඉල්ලා අස්කරගෙන තිබේ. පිතිහරඹයේ වැඩි අවධානයක් යොමුකිරීමට අවශ්‍ය බැවින් ඔහු ඉල්ලා අස් වූ බවයි සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව කණ්ඩායම් නායකත්වයට මෝගන් ව පත් කර තිබෙනවා. අද දිනයේ කොල්කටා නයිට්‍රයිඩස් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරහිව තරඟවැදීමට නියමිතයි. කොල්කටා කණ්ඩායම මේ දක්වා තරඟ 07ක් ක්‍රීඩා කර එයින් තරඟ 4ක් ජයගෙන තිබෙනවා
29


මුම්බාය අවසන් වටයට තවත් ළං වෙයි.
Thursday, 29 October 2020 - 12:05

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 48...Read More

ඉන්දු – ඔස්ට්‍රේලියා තරග කාලසටහන තහවුරු කෙරේ.
Thursday, 29 October 2020 - 12:03

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලිය...Read More

වාර්තාගත ජයක් සමගින් හයිදරාබාදයට තවත් බලාප...
Wednesday, 28 October 2020 - 14:45

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 47...Read More