ක්‍රීඩාපිටියෙන් ඔබ්බට ගිය ලිවර්පූල් සලාහ්ගේ සැබෑ ජිවිතයේ වීරකම

Friday, 16 October 2020 - 12:13

පදික වේදිකවේ කල් ගෙවන නිවාස නොමැති මිනිසෙකුට තරුණයන් පිරිසක් හිරිහැර කරනු දුටු පාපන්දු ක්‍රීඩක මොහමඞ් සලාහ් එය වළක්වා පසුව එම දුගියාට මුදල් ද ලබා දුන් සිද්ධියක් වාර්තා වීමෙන් පසුව මෙම සුප්‍රකට ක්‍රීඩකයා පාපන්දු පිටියේ පමණක් නොව සැබෑ ජීවිතයේද වීරයෙකු ලෙසින් මිනිසුන්ගේ පැසසුමට ලක් වෙමින් සිටියි.

ලෝකයේ හොඳම ඉදිරි පෙළේ පාපන්දු ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු යැයි සලකනු ලබන සලාහ් අසරණ මිනිසෙකුට කරදර කරන තරුණයින් පිරිසකට අවවාද කර ඔවුන් එම ස්ථානයෙන් ඉවත්කිරීමට දරන උත්සාහය විදෙස් කැමරාකාඡ වල සටහන් වි තිබුණා.

ඒ වියපත් මිනිසාගේ අසරණ තත්වයට කෙදිනක හෝ ඔවුන් ද පත්විය හැකි බව සලාහ් එම තරුණයන්ට පහදා දී ඇති අතර මෙය මිනිසාගේ දුක්ඛිත තත්වය ගැන යම් අනුකම්පාවක් දැක්වීමට තරුණයින් පෙළඹූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුර  වාර්ථා කර සිටියේ.

පසුව ප්‍රිමියර් ලීග් සහ චැම්පියන්ස් ලීග් ක්‍රීඩක සලාහ්, අසළ පිහිටි ඒටීඑම් යන්ත්‍රයක් වෙත ගොස් පවුම් 100 ක් (රුපියල් විසි පන්දහසකට සමාන මුදලක්) එයින් ගෙන එම අසරණ මිනිසාට ලබා දී ඇත. එය කෘතඥව ලබා ගත් එම අසරණ මිනිසා සලාහ් සැබෑ ජීවිතෙයේත් වීරයෙකි යැයි ප්‍රශංසා කළේය.

ඊජිප්තුවේ සිට එංගලන්තයට සංක්‍රමණය වු මුස්ලිම් ජාතිකයෙකු වන මොහමඞ් සලාහ් මෙයට පෙර කිහිප වතාවක්ම මෙසේ ත්‍යාගශීලීව කටයුතු කර ඇති බවට  ප්‍රකටය.

2019 දී ලිවර්පූල් වීදියෙහි සලාහ්ගේ මෝටර් රථය පසුපස දුවගෙන පැමිණි රසික තරුණයෙකු පසුව බිම වැටී තුවාල ලැබු අතර වහා වාහනය නැවු සලාහ් ඔහුගේ පිහිට පිණිස ගියේය. ලේ වැගිරෙන තුවාල ලබා සිටියද තමාගේ අභිමානවත් විරුවාම තමන්ගේ උදව්වට පැමිණීම දුටු එම රසිකයා සිය ලේ ගලන තුවාලයද තමාට අමතක වී ගියේය යැයි සතුටු මුහුණින් කීවේය.

36


මුම්බාය අවසන් වටයට තවත් ළං වෙයි.
Thursday, 29 October 2020 - 12:05

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 48...Read More

ඉන්දු – ඔස්ට්‍රේලියා තරග කාලසටහන තහවුරු කෙරේ.
Thursday, 29 October 2020 - 12:03

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලිය...Read More

වාර්තාගත ජයක් සමගින් හයිදරාබාදයට තවත් බලාප...
Wednesday, 28 October 2020 - 14:45

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 47...Read More