රුසියාවෙන් තවත් කොවිඩ් එන්නතක්

Friday, 16 October 2020 - 11:26

කොවිඩ් නයින්ටීන් වෛරසය සඳහා රුසියාව විසින් නිපදවු දෙවන එන්නත සඳහා ද අනුමැතිය හිමිව තිබේ.

රුසියානු බලයලත් ඖෂධ නියාමන ලේඛනයට අනුව දෙවන එන්නත සඳහා අනුමැතිය හිමි වු බව ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් ප්‍රකාශ කර ඇත.

සයිබීරියාවේ ස්වදේශික ඖෂධ නිෂ්පාදන ආයතනයක් විසින් අදාළ එන්නත නිපදවා තිබේ.

අදියර තුනක පරික්ෂණයකින් පසුව එන්නත බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව සඳහන් වේ.

රුසියාව විසින් කොවිඩ් වෛරසය එරෙහි පළමු එන්නත ද පසුගියදා  හඳුන්වාදෙනු ලැබීය.

කෙසේ වෙතත් මේ අතර අද දිනය වන විට රුසියාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,340,409ක් වන අතර, කොවිඩ් මරණ 23,205ක් වාර්තා වේ.

රුසියාවේ මේ වන විට පුද්ගලයින් 1,039,705 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.


49


මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් ඩමස්කස්හි ආධ්‍...
Thursday, 29 October 2020 - 12:37

සිරියාවේ ඩමස්කස් නුවර භාර ප්‍රමුඛ පෙළේ ආධ්‍...Read More

සඳ මතුපිට ජලය ඇති බවට නාසා ආයතනය සොයාගනී.
Wednesday, 28 October 2020 - 14:46

සඳ මත ජලය ඇති බවට නසා ආයතනය ප්‍රකාශයට පත්කර ත...Read More

සිය නිෂ්පාදන වර්ජනයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇත...
Wednesday, 28 October 2020 - 14:38

සිය නිෂ්පාදන වාර්ජනය කිරීමේ ක්‍රියාවලිය අත...Read More