චීනෙන් රුපියල් බිලියන 16.5ක අධාරයක් | ඩොලර් මිලියන 500ක සහන ණයකටත් ගිවිසුම්

Monday, 12 October 2020 - 13:38


මහජන චීන සමුහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 600ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 16.5) මුදලක් ආධාර වශයෙන් ලබා දී තිබෙන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිතුක් කරමින් පවසයි.

මෙලෙස ලබා දුන් ආධාර මුදල පශ්චාත්-කොවිඩ් කාලය තුළ ග්‍රාමීය පළාත්වලට වෛද්‍යය පහසුකම් ලබා දීම, අධ්‍යාපනය සහ ජල සම්පාදනය ආදී මූලික කාරණාවලට භාවිතා කිරීමට දෙපාර්ශවය එකඟ වී තිබෙන බව ද එම නිවේදනයේ දැක්වේ.

මේ අතර චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක සහන ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කරන බව, ප්‍රසිද්ධ  පුවත්පතක් වාර්තා කර සිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන දූත පිරිස අතර පැවති සාකච්ඡාවලදී මෙම කටයුතු අවසන් කර ඇති බව එම පුවත්පතේ වැඩිදුර දැක්වේ.

භාණ්ඩාගාර නිලධාරීන් පැවසුවේ වසර 10 ක කාලයක් තුළ ණය ආපසු ගෙවීමට නියමිතව ඇති බවය.

ඒ අනුව, අදාල සහන ණය බොහෝ දුරට කෝවිඩ් තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව සඳහන් වේ.
31


ශ්‍රී ලංකාවේ ජනතාව සාර්ථකත්වයට පත්වනු දැකී...
Thursday, 29 October 2020 - 12:35

ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්...Read More

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක් – සියලු ...
Thursday, 22 October 2020 - 12:57

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ ද...Read More

මාස 06ක සහන කාලය නොලද පාරිභෝගිකයන්ට පැමිණිලි ...
Wednesday, 21 October 2020 - 10:10

මාස 06ක සහන කාලය නොලද පාරිභෝගිකයන්ට ශ්‍රී ලංක...Read More