යූ ටියුබයේ පළමු වීඩියෝ පටයට අවුරුදු 15යි

Thursday, 08 October 2020 - 13:02



පළමු යූ ටියුබ් වීඩියෝව අදට හරියටම අවුරුදු 15 කට පෙර ඊයේ වැනි දිනක එනම් 2005 අප්‍රේල් 23 වන දින යූ ටියුබ් වෙත එක්කර තිබුණි.

යූ ටියුබ්හි සම-නිර්මාතෘ ජාවෙඩ් කරීම් විසින් තත්පර 18 ක වීඩියෝවක් පළමු වීඩියෝ පඨය ලෙස පළ කළේය. එතැන් සිට එම වීඩියෝව පඨයට අද දක්වා මිලියන 90 කට අධික පිරිසක් නරඹා ඇත. අද දක්වාම කරීම්ගේ නාලිකාවේ ඇති එකම වීඩියෝව එම වීඩියෝව පමණි.

එම වීඩියෝ තිරයේ තරුණ කරීම්ගේ මුහුණෙන් පිරී යයි, ඔහුගේ කෙස් කළඹ තිරයේ ඉදිරිපස හා මැදට ගෙන යයි.

කරීම් කතා කරන්න පටන් ගනී. “ඉතින් මෙන්න අපි අලි ඇතුන් ඉදිරියේ ඉන්නේ.”

කරීම් සිටින්නෙ අලියා ඉදිරිපිටය.

“මොවුන්ගේ විශේෂම දෙය වන්නේ සැබවින්ම, සැබවින්ම, දිගු, හොඬවැලක් තිබීමයි,” ඔහු තවදුරටත් පවසයි. “ඒ, ඒක නියමයි.”

එමෙන්ම මේ දිනවල බොහෝ යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ වීඩියෝ මෙන් නොව, කරීම්ගේ වීඩියෝවෙහි වඩාත් සාම්ප්‍රදායික දේවල් ලෙස සැලකෙන දේවල් ඇතුළත් නොවේ: එනම් “මගේ නාලිකාවට දායක වන්න!” හෝ “කැමත්ත පළකරන්නේ හෝ ශ්‍රේණිගත කරන්න, අදහස් දක්වන්න!” යනාදිය එහි නැත.

ඔහු වීඩියෝව අවසන් කරන්නේ සරලව ය: “කියන්නට තියෙන්නේ එපමණකි.”

“මා සත්වෝද්‍යානයෙ” යන වීඩියෝව පළ කිරීමෙන් වසරකට පසු කරීම් සහ යූ ටියුබ් හි සම-නිර්මාතෘවරු ඩොලර් බිලියන 1.65 කට ගූගල් සමාගම වෙත යූ ටියුබය විකුණූහ.

දැන්, මෙම වේදිකාව තුළ සෑම මසකම බිලියන 2 කට වඩා පරිශීලකයින් පිරිසක් පිවිසෙන බවට යූ ටියුබ් වාර්තා පවසයි. පසුගිය දශක එකහමාරක් තුළ යූ ටියුබ් බොහෝවාසනාවන්ත අවාසනාවන්ත තත්වයන්ට මුහුණ පා තිබේ. එම අවාසනාවන්ත තත්වයන් අතර: වෛරී ප්‍රකාශන වීඩියෝ පඨවල ඉහළ යාමක් දක්නට ලැබේ. (ප්‍රමුඛ සුදුඅධිපතිවාදීන්ගේ වීඩියෝ ඇතුළුව); ඇතැම් නිර්මාණකරුවන්ගේ නාට්‍ය (ජාතිවාදය සහ යුදෙව් විරෝධය පිළිබඳ චෝදනාවලට මුහුණ දුන් යූ ටියුබ්හි තාරකාව වන PewDiePieද ඇතුළුව); සහ සමහර නිර්මාණකරුවන් කලකිරීමට ලක්වූයේ ද යූ ටියුබ් චැනලය නිසාය.

එහි වාසනාවත්ත තත්වයන් අතර: නිර්මාණකරුවන් ඔසවා තැබීමට පහසු වේදිකාවක්ය. (ස්මොෂ් සිට මිරැන්ඩා සිං දක්වා); එමෙන්ම සියලු වර්ගවල අන්තර්ගතයන් සඳහා මධ්‍යස්ථානයක් බවට යූටියුබය පත්විය.

යූ ටියුබ් වාර්තා පවසන්නේ දිනකට පරිශීලකයන් පැයට බිලියනයක අන්තර්ගතයක් නරඹන බවයි. ඒ සියල්ල ම‍ෙම සත්වෝද්‍යානයේ නැමැති කරීම්ගේ වීඩියෝවත් සමඟ ආරම්භ විය. 


177


දිර්හම් මිලියන 12ක Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම ශ්‍ර...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි ටිකට් පතේ පළමු ත්‍යාගය දිනා ...Read More

ලොවක් හිනැස්සූ “සිනහසෙන මිනිසා” මෙලොවින් ස...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළුවෙකු වන ජුවාන් ජෝයා බෝ...Read More

ජංගම දුරකථනයේ විෂබීජ නසන Phone Sanitizer.
Saturday, 24 April 2021 - 10:23

ජංගම දුරකථනය කියන්නේ දැන් අපිට නැතුවම බැරි ද...Read More