ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි

Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ. මෙවර ඉන්දීය සාගර සමුළුව අද සිට සිට 05 වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතව ඇත.  ”පරිසරය, ආර්ථිකය, වසංගතය”මෙවර සමුළුවේ තේමාව වන අතර දේශගුණික විපර්යාස වල වර්ධනයත් සමඟ එම තර්ජනයන්ට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ඡාවට ලක්වනු ඇති. හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ද මෙවර සමුළුව සදහා සහභාගී වීමට නියමිතය. රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා ද වෙයි.

38


වැල්වැටිතුරෙයි,සින්නමලෙයි වෙරළට තවත් මිනිස...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් කිහිපයක් යාපනය,වැල්වැටි...Read More

ඉඩම් ඔප්පු සහ පත් ඉරු ඔන්ලයින් ක්‍රමයට.
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ පත් ඉරු පිටපත් මාර්ගගත හ...Read More

ආසියාවේ රැජිණට, ලෝක බලවතුන් අතර තරගයක්.
Thursday, 16 December 2021 - 10:51

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හ...Read More