නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් මරුට

Wednesday, 01 December 2021 - 11:04

වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (30) රාත්‍රී කාලයේදී එම ගින්න හට ගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබු 8 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. අදාළ නිවසෙහි කාමරයක් තුළ ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් එහි වහලය පිළිස්සී නිවස තුළට කඩා වැටී ඇත. එහිදී නිවසේ කාමරයේ නිදා සිටි දැරිය ගින්නට හසුවී පිළිස්සී ඇතැයි පොලීසිය පවසයි. ඇයගේ මිත්තණිය සහ වයස අවුරුදු 13ක් සහෝදරිය අසල කාමරයක නිදා සිට ඇති අතර, ඔවුන් නිවසින් එළියට දිවගොස් දිවි බේරාගෙන අති බව ද පොලීසිය පවසයි. එම සිද්ධිය සැලවූ වහාම වැලිගම පොලීසිය විසින් මාතර ගිනි නිවීමේ රථ ගෙන්වා ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ. පොලීසිය පවසන්නේ, එම නිවසේ තිබු ගෑස් සිලින්ඩරයට, ගෑස් උඳුනට හෝ වෙනත් උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැති බවය. ඒ අනුව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී ගින්න ගෑස් ආශ්‍රිත සිදුවීමක් හේතුවෙන් හට ගෙන නොමැති බවට නිරීක්ෂණය වු බව ද පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

32


වැල්වැටිතුරෙයි,සින්නමලෙයි වෙරළට තවත් මිනිස...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් කිහිපයක් යාපනය,වැල්වැටි...Read More

ඉඩම් ඔප්පු සහ පත් ඉරු ඔන්ලයින් ක්‍රමයට.
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ පත් ඉරු පිටපත් මාර්ගගත හ...Read More

ආසියාවේ රැජිණට, ලෝක බලවතුන් අතර තරගයක්.
Thursday, 16 December 2021 - 10:51

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හ...Read More