පාකිස්තානය ට තවත් ජයක්

Wednesday, 27 October 2021 - 11:42

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැති තරඟය කඩුලු 5කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (26) සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තේය. එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩැරල් මිචෙල් සහ ඩෙවොන් කොන්වේ ලකුණු 27 බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී හරිස් රවුෆ් කඩුලු 4ක් දවාගත් අතර මොහොමඩ් හෆීස්, ඉමාඩ් වසීම් සහ ෂහීන් ෂා අෆ්රිඩි එක් කඩුල්ල බැගින් දවාගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් තුළ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවිය. එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 33ක් රැස් කළ අතර අසිෆ් අලි නොදැවී ලකුණු 27ක් රැස් කළේය.
26


ධනංජය සහ ලසිත් ශ්‍රී ලංකා ඉනිම ගොඩගනී.
Friday, 03 December 2021 - 11:03

සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තාකළ ධනංජය ද සිල්ව...Read More

ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක.
Tuesday, 30 November 2021 - 11:50

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත...Read More

ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක්.
Friday, 26 November 2021 - 10:52

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ...Read More