යුද්ධ හමුදාධිපතිවරයාට රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය

Wednesday, 27 October 2021 - 09:59

රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුධ හමුදාපතිවරයෙකු වෙත කලාතුරකින් ලැබිය හැකි රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය පසුගියදා  රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී විසින් සිදු කර තිබෙනවා. රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය අතරතුර රුසියාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනය කළා. මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත රුසියානු ජනරජ භූමි හමුදාවේ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමා තිබෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ (Alexandrovsky Garden of Moscow Kremlin) පිහිටි ‘Tomb of the Unknown Soldier’ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාර පුද කර දිවිපිදු රුසියානු හමුදාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරනු ලැබුවා. මෙම සංචාරයේදී  ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සිදුකරන පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සහ දෙරට අතර පවත්නා යාන්ත්‍රික හා ඉංජිනේරු දැනුම හුවමාරු කරගැනීම ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
17


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More