නිරෝධායන රීති කැඩූ පුද්ගලයින් ගණන

Tuesday, 26 October 2021 - 09:35

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 81,353 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඊයේ (25) උදෑසන 06.00 සිට අද (26) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. බස්නාහිර පළාතේ ස්ථාපිත මාර්ග බාධක වලදී බස්නාහිර පළාතෙන් පිටවන වාහන 542 සහ පුද්ගලයින් 1,088 දෙනෙකු ඊයේ පරීක්ෂාවට ලක් කර ඇත. මීට අමතරව බස්නාහිර පළාතට ඇතුළු වන වාහන 684ක් සහ පුද්ගලයින් 1154 දෙනෙකු ද පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසර නොමැති වීම හේතුවෙන් වාහන 133 ක් සහ පුද්ගලයින් 272 ක් ආපසු හරවා යැවීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය

16


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More