T20 ලෝක කුසලාන තරගාවලිය - සුපිරි 12ට එකතුවන කණ්ඩායම්

Saturday, 23 October 2021 - 10:08

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබා තිබේ. මූලික වටයේදී එම කණ්ඩායම් ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් අදාළ කණ්ඩායම් එසේ සුදුසුකම් ලබා ඇත. ඊයේ (22) නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 44 ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7 යි එක් පන්දුවක් තුළ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහණය වාර්තා කළේය. නෙදර්ලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරඟයකදී දෙවන වරටත් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ඊයේ ශ්‍රී ලංකාව සමඟ පැවති මෙම තරඟයේදී වාර්තා කළේය. මීට පෙර 2014 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායම බංග්ලාදේශයේ චිතගොං හිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයකදී ලකුණු 39කට දැවි ගොස් තිබුණි

21


ධනංජය සහ ලසිත් ශ්‍රී ලංකා ඉනිම ගොඩගනී.
Friday, 03 December 2021 - 11:03

සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තාකළ ධනංජය ද සිල්ව...Read More

ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක.
Tuesday, 30 November 2021 - 11:50

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත...Read More

ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක්.
Friday, 26 November 2021 - 10:52

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ...Read More