ලොහාන් රත්වත්තේගේ අනුරාධපුර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශන කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

Saturday, 23 October 2021 - 09:46

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් පිරිසකට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් තර්ජන සිදු කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත වහාම විමර්ශනයක් කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර සිටියේය.
අද දින සිද්ධීය සම්බන්ධයෙන් අදාළ රැදවියන්  8 දෙනා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමටද අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.
තවද අද අදාළ මූලික අයිතාවාසිකම් පෙත්සම් විභාගයට කැඳවූ අවස්ථාවේදී , පෙත්සම්කරුවන් වහාම අනුරාධපුර බන්ධනාගාරයෙන් වෙනත් සුදුසු බන්ධනාගාරයකට මාරු කිරීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධීකරණය බන්ධනාගාර කොමසාරි ජනරාල්වරයාට නියෝග ලබා දී සිටියේය.
පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන වසරේ පෙබරවාරි 15 වනදා සිදුකිරීමට නියමිතයි.

15


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More