අවුරුදු දෙකහමාකර පමණ වයසැති දරුවෙකුගේ සිරුරක්

Saturday, 23 October 2021 - 07:57

අවුරුදු දෙකහමාකර පමණ වයසැති දරුවෙකුගේ සිරුරක් වෙරළට ගොඩගසා තිබේ. පොලීසිය සඳහන් කළේ හලාවත - ඉරණවිල මුහුදු වෙරළට එලෙස  21 වනදා  සිරුර ගොඩගසා තිබූ බවය. සිරුර බොහෝ සෙයින් නරක් වී ඇති බැවින් එම දරුවා දින කිහිපයකට පෙර මියයන්නට ඇතැයි සැක කෙරේ. ඉරණවිල ප්‍රදේශයේ මා දැල් වාඩියක සේවකයෙකු විසින් වෙරළට ගොඩගසා තිබූ සිරුර දැක පොලීසියට දැනුම්දී තිබුණි. එලෙස මියගොස් ඇත්තේ මීගමුව - දුන්ගාල්පිටිය පදිංචිව සිටි තමාෂා රොසේලි නම් දැරිය බවට ද පොලීසිය සැකකරයි. පසුගිය 18 වනදා සවස 5.00ට පමණ තම දියණිය අතුරුදන්වී ඇති බව ඇයගේ මව්පියන් විසින් දුන්ගාල්පිටිය පොලීසියට පැමිණිලි කර තිබුණි. එම දැරිය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලදී කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති අතර රහස් පොලීසිය විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර කළේය. වෙරළට ගොඩගසා ඇති සිරුරේ ඇඳුම් සහ අතුරුදන් වූ දැරිය ඇඳ සිටිය ඇඳුම් සමාන නමුත් අදාළ ඇදුම් සම්බන්ධයෙන් මේ වනවිට සැකසහිත කරුණු කිහිපයක් මතුවී ඇති බවද  පොලීසිය පවසයි.

12


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More