පළාත් පාලන නියෝජිතයන්ට රතු එළියක්

Saturday, 23 October 2021 - 07:46

ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ හැසිරීම් සහ ක්‍රියාකලාප සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී තිබේ. පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ක්‍රියාකලාප මෙරට ක්‍රියාත්මක වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, මහජන ඡන්දයෙන් තෝරාපත්කර ගනු ලබන ජනතා නියෝජිතයින් සහ එම ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇත. එවැනි ආකාරයේ සිදුවීම් විමර්ශනය කර ඊට සම්බන්ධ වැරදිකරුවන් වන පළාත් පාලන ආයතන නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ජනතා අවශ්‍යතාවයක්ව පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අදාළ පළාත් පාලන ආයතන නියෝජිතයින් නියෝජනය කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ ද අවධානය යොමු විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබේ. විෂමාචාර ක්‍රියාකාරකම් සිදුකරන පළාත් පාලන නියෝජිතයින්ට එරෙහිව ආණ්ඩුකාරවරුන්ගේ බලතල අනුව සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුව පවතින්නක් බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී ඇත.

19


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More