දියේ ගිලී පියා සහ දරු දෙදෙනා මරුට

Thursday, 21 October 2021 - 11:12

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ. එම පිරිස ඊයේ  (20) පස්වරුවේ දියඇල්ල නැරඹීමට සහ දියනෑම සඳහා ඇල්ලවල දිය ඇල්ල වෙත ගොස් තිබුණි. එලෙස මියගොස් ඇත්තේ, කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පියා, 15 හැවිරිදි පුත්‍රයා සහ 11 හැවිරිදි දියණියයි. දියේ ගිලී ඇති පිරිස බේරාගැනීම සඳහා එම ප්‍රදේශයේ තරුණයින් පිරිසක් උත්සාහ කළද ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බව වාර්තා වෙයි. මියගිය තිදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

15


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More