ජනතාව කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම නිසා ඇමරිකාව අවධානමක

Thursday, 14 October 2021 - 11:21

ඇතැම් ජනතාව කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා මේ වන විට අමෙරිකාව බරපතළ ගැටලුවකට මුහුණපා සිටී. ජාතික එන්නත්කරණ වැඩපිළිවෙල පවත්වාගැනීම සඳහා ෆෙඩරල් රජය උත්සහ දරමින් සිටින නමුත් ඇතැම් පාර්ශ්වයන්ගෙන් එල්ල වන එන්නත් විරෝධය නිසා එලඹෙන ශීත ඍතුවේදී වෛරස ව්‍යාප්තිය යළි ඉහළ යාමේ අවදානමක් මතුවී තිබේ. ගුරුවරු සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවකයන්ට එන්නත අනිවාර්ය කිරීමේ නීතිය අවලංගු කරන ලෙස විරෝධතාකරුවන් කළ ඉල්ලීමක් මැන්හැට්න් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි. මෙවර සටනින් පරාජය වුවත් තමන් මේ යුද්ධය අත්නොහරින බව විරෝධතාකරුවන් අවධාරණය කරයි.මේ අතර අමෙරිකාවේ සේවය හැර යන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත අයුරින් ඉහළ යමින් ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

31


යුරෝපා සංගමයේ ජනතාවට තෙවැනි මාත්‍රාවක්.
Wednesday, 27 October 2021 - 11:25

මොඩර්නා එන්නත ලබාගෙන මාස 6ක් ගතවූ අයට තුන්වැ...Read More

ආදරය වෙනුවෙන් රාජකීය වරප්‍රසාද අත්හළ මාකෝ .
Wednesday, 27 October 2021 - 11:19

ජපාන අධිරාජයාගේ මිණිපිරිය, මාකෝ කුමරිය ඇයගේ ...Read More

කලාකරුවෙක් වෙනුවෙන් ඉදිවූ ලොව විශාලත ම කෞතු...
Tuesday, 26 October 2021 - 10:56

තනි කලාකරුවෙක් වෙනුවෙන් ඉදිවූ ලොව විශාලතම ක...Read More