අතුරුදන්වූ මල්ලවපොර උප සභාපති

Tuesday, 12 October 2021 - 10:54

2021 ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරඟාවලියට සහභාගීවීමට පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තරඟ සංචාරය අතරතුර දී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා අතුරුදන්ව තිබේ. මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදුකරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.
ඒ පිළිබඳව අදහස් දැක්වු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව “ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය” වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවය. මේ සම්බන්ධව ජාත්‍යන්තර මල්ලවපොර සම්මේලනයටත්, නෝර්වේ මල්ලවපොර සම්මේලනයටත් දැනුම් දී තිබෙන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ඒ මහතා පැවසීය. තරඟාවලියට සහභාගීවීම සඳහා ලබාදුන් මුදල් ද අදාළ කළමණාකරවරයා විසින් රැගෙන ගොස් ඇත්දැයි විමර්ශනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
17


පාකිස්තානය ට තවත් ජයක්.
Wednesday, 27 October 2021 - 11:42

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ නවසීලන්...Read More

ඇෆ්ගනිස්තානය ට පහසු ජයක්.
Tuesday, 26 October 2021 - 11:27

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 ...Read More

T20 ලෝක කුසලාන තරගාවලිය - සුපිරි 12ට එකතුවන කණ්ඩ...
Saturday, 23 October 2021 - 10:08

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ල...Read More