සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ආයෝජන අවස්ථා රැසක් ලබාදෙනවා,රාජ්‍යත්‍රන්ත්‍රිකයෝ මුදල් ඇමතිට කියයි

Thursday, 29 July 2021 - 10:03

පකිස්තාන, බංග්ලාදේශ මහ කොමසාරිස්වරු සහ සෞදි අරාබි, ඊජිප්තු, කටාර්, ඉන්දුනීසියා, මැලේසියා, ඇෆ්ගනිස්ථාන සහ කුවේට් යන රටවල තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දා  හමුවී සිටියා. පසුගියදා මුදල් අමාත්‍යාංශයේ දී මෙම හමුව පැවැති අතර එහි දී බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහමඩ් අරීෆුල් ඉස්ලාම්, පකිස්තාන වැඩ බලන මහ කොමසාරිස් තන්වීර් අහ්මද්, සෞදි අරාබියානු තානාපති අබ්දුල් නාසර් එච්. හාදි, කුවේට් තානාපති කළාෆ් බුදාහිර් සහ ඊජිප්තු තානාපති හුසෛන් අස්ෂාති, යන මහත්වරු මෙහි දී මුදල් අමාත්‍යවරයා හමු වී සිටියා. ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර පවතින ද්වීපාර්ශ්වී සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගන්නා ආකාරය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර මැද පෙරදිග කලාපයේ රටවල් සහ දකුණු ආසියාතික රටවල් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය අගය කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී සඳහන් කළේ ඉදිරියේ දී ද කලාපීය සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බවයි. මෙහි දී අදහස් දැක් වූ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 4%ක ආර්ථික වර්ධන වේගයක් වෙත ළගා වීමට ශ්‍රී ලංකාවට හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බවත්, බංග්ලාදේශය විසින් සිදු කරනු ලබන අපනයනවල දී කොළඹ වරාය පාදක කරගනිමින් වැඩි බහලුම් ප්‍රමාණයක් හුවමාරු කිරීම පිළිබඳව ඇති අවස්ථාවන් සොයා බලන බවය. වඩාත් පුළුල් ආර්ථික සහයෝගීතාවකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා, දෙරටේ ආයෝජකයන් හට ආයෝජන අවස්ථාවන් ලබා දීම තුළින් සීඝ්‍ර‍ ආර්ථික වර්ධනයක් ළගා කර ගැනීමට හැකි වෙතැයි තම රජය අපේක්ෂා කරන බව පවසා සිටියා
පකිස්තාන වැඩ බලන මහ කොමසාරිස් තන්වීර් අහ්මද් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය ග්‍රාමීය මට්ටමෙන් ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ඒ ආශ්‍රිත පහසුකම් ලබා දීමට පකිස්තාන රජය කටයුතු කරන බවත්, දෙරට අතර පවතින දීර්ඝ කාලීන සංස්කෘතික සහ සමාජ සම්බන්ධතා තව දුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි සියලුම මැද පෙරදිග රටවල් ඉමහත් ගෞරවයක් ඇති බව සිහිපත් කළ සෞදි අරාබි තානාපති අබ්දුල් නාසර් එච් හාදි මහතා සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට එන්නත් ලබා ගැනීමට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන බැඳුම්කර සහ මුදල් වෙළෙඳපොළේ ආයෝජනය සඳහා ආයෝජකයන් යොමු කරවීමට ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කරන බව ද තානාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා
කුවේට් තානාපතිවරයා සඳහන් කළේ ඉතිහාසයේ සිට දෙරට අතර ඉතා සමීප සබඳතාවක් පැවැති බවයි. ශ්‍රී ලංකාවේ මහා මාර්ග ව්‍යාපෘති සහ පාලම් ඉදිකිරීම සඳහා සහයෝගය ලබා දුන් ආකාරයට ම ඉදිරියේ දී නව ව්‍යාපෘති සඳහා ද ආධාර ලබා දීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවැසීය. ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව තම ආයෝජකයන් දැනුවත් කරන අතර ම ලන්ඩන් නුවර පිහිටා ඇති කුවේට් ව්‍යාපාරික ආයෝජන කාර්යාලය හරහා මෙම නව අවස්ථාවන් වෙත ආයෝජකයන් යොමු කිරීමට කටයුතු කරන බවත් කුවේට් තානාපති කළාෆ් බූ දයියිර් මහතා මෙහි දී සඳහන් කර සිටියා
ඊට අමතරව සංවර්ධන බැඳුම්කර සඳහා මුදල් ආයෝජනය කිරීම සහ දකුණු ආසියාවේ වෙළෙඳ කේන්ද්‍රය ලෙස නැගී සිටීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගීතාව ලබා දීමට තම රජය අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවැසීය.
මුදල් අමාත්‍යවරයා වෙත තම රජයේ සුබ පැතුම් එක් කළ ඊජිප්තු තානාපති හුසෛන් අෂ්ෂාති මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තේ සඳහා ඊජිප්තු වෙළෙඳපොළ තුළ වැඩි අවස්ථාවක් ලබා දීම සඳහා සහය ලබා දෙන බවත් දෙරට අතර සහයෝගීතාව තුළින් සංචාරක ව්‍යාපාරය එක්ව නගා සිටුවීමට තම රජය උනන්දු වන බවත් ය. එසේ ම ශ්‍රී ලංකාවේ ආයෝජනය කෙරෙහි ඊජිප්තු ආයෝජකයන් යොමු කරවන බව ද තානාපතිවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කර සිටියා.

36


 මුණුබුරාගේ පිහි පහරෙන් මිත්තනිය මරු වැළඳ ග...
Saturday, 18 September 2021 - 10:51

 මුණුබුර විසින් පිහියකින් පහර දී සිය මිත්තන...Read More

හදවත් රෝගීන් කඩිනමින් එන්නත්කරණයට යොමු වීම ...
Saturday, 18 September 2021 - 10:33

මෙරට සමස්ත කොරෝනා අසදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ ල...Read More

කොවිඩ් මර්දන එන්නත අනාගහනයෙන් 50% දී අවසන් .
Saturday, 18 September 2021 - 09:38

මෙරට ජන ගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය ...Read More