ටියුනීසියාවේ වත්මන් දේශපාලන අර්බුදය

Wednesday, 28 July 2021 - 15:55

2011 විප්ලවයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිස පසුව අරාබි වසන්තයේ ආදර්ශමත් රටක් ලෙසින් බොහෝ විට ගෙන හැර පානු ලැබු ටියුනීසියාව අද එම රටේ මෑත ඉතිහිාසයේ දරුණුතම දේශපාලන අර්බුදයට මුහුණ දෙමින් සිටියි. පසුගිය දින ටුනීෂියාවේ ජනාධිපති කයිස් සය්යිද් විසින් අගමැති හිකෙම් මෙකිච්ව එම තනතුරෙන් නෙරපීම හා පාර්ලිමේන්තුව අත්හිටුවීමත් සමගම කැකෑරෙමින් තිබුනු එරට දේශපාලන පරාසයේ අර්බුදය උග්‍ර අතට පත්ව ඇත. ඒ සමගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මුක්තියද ඔහු අත්හිටවුයේය. කෙසේ වෙතත් ඔහු දිගින් දිගටම පවසන්නේ තමාගේ සියලු පියවර ව්‍යවස්ථාවට අනුකූල බවයි. අළුතෙන් පත් කරනු ලබන අගමැතිගේ සහය සහිතව තමා විධායක බලතලද හිමි කර ගන්නා බව ජනාධිපති සය්යිද් වැඩිදුරටත් පවසා ඇත. සය්යිද්ගේ මෙම පියවරවලට සහයවද එරෙහිවද ටියුනීසියාවේ ප්‍රතිචාරය විවිධාකාරව තිබෙනු දැකිය හැකිය. මේ අතර පාර්ලිමේන්තු නියෝජනය කරන විශාලතම පක්‍ෂය වන එන්නද්හා පක්‍ෂයේ නායක හා කථානායක රාෂිඩ් හනවුචි පවසන්නේ විප්ලවයට පමණක් නොව ව්‍යවස්ථාවටද ජනාධිපති සය්යිද් පටහැනිව ක්‍රියා කරන බවයි. පළමුව සය්යිද්ගේ පාර්ශවය විසින් පවසන ලද්දේ පාර්ලිමේන්තුව දින 30 කට අත්හිටවන බව වුවද තත්වය සමනය වන්නට වැඩි කල් ගත වුවහොත් එම කාලය තවත් දීර්ඝ විය හැකි බව ජනාධිපති සය්යිද් පවසා ඇත. ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේිදේශයට තර්ජනයක් ඇතිව තිබෙන තත්වයක එය පාලනය කිරීමට අති විහේෂ පියවර ගැනීමට වුවද ජනාධිපතිවරයාට බලය ඇත’ යන ව්‍යවස්තාවේ වගන්තියේ ප්‍රතිපාදන මත පිහිටා බව දේශපාලන නිරීක්‍ෂයන් අදහස් දක්වති. එසේ වුවද පාර්ලිමේන්තු සැසි වාර නොකඩවා පැවැත්විය යුතුය යැයිද ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. අගමතිවරයා හැරෙන්නට ආරක්‍ෂක ඇමති ඉබ්‍රාහීම් බර්තාගී සහ වැඩ බලන අධිකරණ අමාත්‍ය හස්නා බෙන් ස්ලිමානි දෙදෙනවද ජනාධිපති සය්යිද් ගිය සතියේ තනතුරුවලින් ඉවත් කර ඇත. මෙම තනතුරුවලට වෙනත් කැබිනට් මට්ටමේ පුද්ගලයන් පත් කරන තෙක් එකී අමාත්‍යාශවල කණිෂ්ඨ ශ්‍රේණියේ පරිපාලන හා මුල්‍ය කාර්්‍ය මණ්ඩලයට එහි රාජකාරි කටයුතුවල නිරත වන මෙන් ජනාධිපතිවරයා නියෝග කර ඇත. එනමුත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ කටයුතු සඳහා ජනාධිපති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් කාලිද් යහ්යෝහිව ජනාධිපති සය්යිද් පත් කර ඇත. ජනාධිපති සය්යිද්ට සහය දක්වන කණ්ඩායම් ටියුනීසියාවේ නගර කිහිපයකම ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් එන්නද්හා පක්‍ෂ කාර්යාලවලට ගිනි තබමින් දැවැන්ත කලබල ඇති කරනු දැකිය හැකි විය. මෑත කාලයක පටන් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනි ටියුනීසියාවේ තත්වය කෝවිඩ්-10 සමග වඩා අයහපත් වී ඇති අතර විරැකියාවද ඉහළ ගොස් ඇත.’ මිලියන 12 ක ජනගහණයක් ඇති ටුනීෂියාවෙහි මේ දක්වා 17000 ක් පමණ කෝවිඩ්-19 වයිරසයට ගොදුරු වී ඇත. මෙම කලබල අතරතුර මේ සියල්ලට තමා කඩිනමින් විසඳුම් ලබා දෙන බව ජනාධිපති සය්යිද් සහතික වෙයි. ජනාධිපති සය්යිද් බලයට පත් වුයේ 2019 වසරෙහිය. 2011 වසර විප්ලවයෙන් එවකට ඒකාධිපති ස්වරූපයෙන් රට පාලනය කරමින් සිටි ජනාධිපති සිනේ එල් ආබිදීන් බෙන් අලි නෙරපා හැරීමෙන් පසු ටියුනීසියාව පත් වු සියලුම රජයන් අස්ථාවර ඒවා වීම වශේෂයකි. ජනාධිපති සය්යිද් පසුගිය දින නෙරපා හරින ලද හිකෙම් මෙකිච්වට පෙර එලියාස් ෆකීද කෙටි කලක් අගමැතිව සිටියේය

79


ඇල්ජීරියාවේ හිටපු ජනාධිපති බොටෙෆ්ලිකා අභාව...
Saturday, 18 September 2021 - 11:41

ඇල්ජීරියාවේ හිටපු ජනාධිපති අබ්දෙලාසිස් බොට...Read More

කොවිඩ් එන්නත් ලබා නොගත් ප්‍රංශ සෞඛ්‍ය සේවකය...
Friday, 17 September 2021 - 11:02

ප්‍රංශයේ මිලියන 2.7ක් වු සියලු සෞඛ්‍ය සේවකයින...Read More

අභ්‍යවකාශයට සංචාරයක්.....
Friday, 17 September 2021 - 11:01

පුහුණු ගගනගාමීන් නොමැතිව සංචාරකයින් පමණක් ...Read More