නෝර්වේ හි හුර්ඩාල් හි ශ්‍රී ලංකා බෞද්ධ විහාරය විවෘත කෙරේ

Wednesday, 21 July 2021 - 10:29

නෝර්වේ හි හුර්ඩාල් හි අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ විහාරය එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය මරතුගොඩ මනිරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය උණපානේ පේමානන්ද ස්වාමීන් වහන්සේ සහ නෝර්වේ හි තිසරණ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය සමඟ එක්ව විවෘත කර තිබෙනවා. නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපති ගොඩ්ෆ්‍රි කුරේ මහතා, බෝර්ග් හි රදගුරු ඇට්ල් සොමර්ෆෙල්ඩ් බිෂොප්තුමා, හුර්ඩාල් හි නගරාධිපති පෝල් ජොහාන් මෝල්ට්සෝ මහතා, නෝර්වේ බෞද්ධ සම්මේලනයේ මහලේකම් එගිල් ලොතේ මහතා, කැරින් ක්‍රිස්ලි හර්ඩාල් ප්‍රදේශයේ වැඩබලන පූජකතුමිය, තිසරණ බෞද්ධ සංගමයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා බෞද්ධ විහාරය සහ නෝර්වේ හි හර්ඩාල් හි වැසියන් මෙම සමාරම්භක උත්සවය සඳහා සහභාගී වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ. ඔස්ලෝ බෞද්ධ විහාරය 2011 දී තිසරණ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසින් නෝර්වේ බෞද්ධ සම්මේලනයේ ද සහාය ඇතිව ආරම්භ කර තිබෙනවා. ඔස්ලෝ බෞද්ධ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ලෙස පූජ්‍ය මරතුගොඩ මනිරතන ස්වාමීන් වහන්සේ පත් කරන ලද අතර, පූජ්‍ය උණපානේ පේමානන්ද ස්වාමීන් වහන්සේ ආගමික හා අධ්‍යාත්මික කටයුතු සඳහා නායකත්වය ලබාදෙනු ලබනවා. නෝර්වේ ජනතාවට වැඩිමනත් සේවයක් ලබාදීමේ අභිලාෂයෙන් යුතුව ඔස්ලෝහි ශ්‍රී ලංකා බෞද්ධ විහාරය හර්ඩාල් මහ නගර සභා ප්‍රදේශයේ විශාල ගොඩනැගිලි සංකීර්ණයක් සහිත අක්කර තුනක ඉඩමක පිහිටි නව ස්ථානයක් කරා රැගෙන යනු ලැබුවා.
මෙලෙස අලුතින් පිහිටුවන ලද විහාරස්ථානය බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව විවෘත කරනු ලැබූ බවයි එම නිවේදනයෙන්වැඩිදුරටත් දක්වා ඇත්තේ. එක්සත්කම සහ අන්තර් ආගමික සංවාදය මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන තේමාව වනවා.

46


 මුණුබුරාගේ පිහි පහරෙන් මිත්තනිය මරු වැළඳ ග...
Saturday, 18 September 2021 - 10:51

 මුණුබුර විසින් පිහියකින් පහර දී සිය මිත්තන...Read More

හදවත් රෝගීන් කඩිනමින් එන්නත්කරණයට යොමු වීම ...
Saturday, 18 September 2021 - 10:33

මෙරට සමස්ත කොරෝනා අසදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ ල...Read More

කොවිඩ් මර්දන එන්නත අනාගහනයෙන් 50% දී අවසන් .
Saturday, 18 September 2021 - 09:38

මෙරට ජන ගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය ...Read More