එංගලන්තයේ නිරෝධායන නීති ඉවත් කර දමයි

Tuesday, 20 July 2021 - 13:28

එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන් අදියර යටතේ සියලුම සමාජ දුරස්ථකරණ සීමා ඊයේ  මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා. ඒ අනුව සියලුම ගෘහස්ථ ස්ථානවල ධාරිතාවේ උපරිමයට ජනතාව රැස්කළ හැකි වන අතර රාත්‍රී සමාජශාලා විවෘත කිරීමටත් අවසර හිමි වුණා. නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමයත් මේ සමඟ අවසන් වූ අතර ආරක්ෂිත මුහුණු ආවරණ පැලඳීම තවදුරටත් නීතිමය අවශ්‍යතාවක් වන්නේද නැහැ. කෙසේ වෙතත් රජයේ එම තීරණය විපක්ෂය මෙන්ම විද්‍යාඥයන්ද හෙළාදැක තිබෙනවා. ඊයේ ලොව වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් හඳුනාගත්තේ ඩෙල්ටා වෛරස ප්‍රභේදය නිසා යළි වසංගත තත්වය උත්සන්න වෙමින් ඇති එක්සත් රාජධානියෙනි. එම සංඛ්‍යාව 48,000කට අධික වනවා. කෙසේවෙතත් දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 50ට අඩු අගයක පවත්වාගැනීමට හැකිවී තිබෙනවා. මේ අතර වසංගත ව්‍යාප්තිය තුළ පළමු වරට වියට්නාමයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ 5,000 ඉක්මවා ගියා. ඒ හේතුවෙන් හැනෝයි අගනුවර සංචරණ සීමා තර කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වන අතර අවදානම් සහිත පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවන්ද අත්හිටුවා ඇති බව සඳහන් වෙනවා. මේ අතර වියට්නාමයේ හැනෝයි අගනුවරට දැඩි සංචරණ සීමා පනවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා


49


ඇල්ජීරියාවේ හිටපු ජනාධිපති බොටෙෆ්ලිකා අභාව...
Saturday, 18 September 2021 - 11:41

ඇල්ජීරියාවේ හිටපු ජනාධිපති අබ්දෙලාසිස් බොට...Read More

කොවිඩ් එන්නත් ලබා නොගත් ප්‍රංශ සෞඛ්‍ය සේවකය...
Friday, 17 September 2021 - 11:02

ප්‍රංශයේ මිලියන 2.7ක් වු සියලු සෞඛ්‍ය සේවකයින...Read More

අභ්‍යවකාශයට සංචාරයක්.....
Friday, 17 September 2021 - 11:01

පුහුණු ගගනගාමීන් නොමැතිව සංචාරකයින් පමණක් ...Read More