ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Monday, 12 July 2021 - 08:56

අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් තොගයක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ලබාදීම පිණිස අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් එවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා. මෙම එන්නත් තොගය කිලෝග්‍රෑම් 115 ක බරකින් යුතු ඇසුරුම් 02 ක් තුළ අසුරා කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට අද අලුයම 05.35 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල්- 226 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙම එන්නත් තොගය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා රජය වෙත  සිදු කෙරෙන පරිත්‍යාගයක් සඳහා මෙලෙස ගෙන එන්නට ඇතැයි කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළා.


47


 මුණුබුරාගේ පිහි පහරෙන් මිත්තනිය මරු වැළඳ ග...
Saturday, 18 September 2021 - 10:51

 මුණුබුර විසින් පිහියකින් පහර දී සිය මිත්තන...Read More

හදවත් රෝගීන් කඩිනමින් එන්නත්කරණයට යොමු වීම ...
Saturday, 18 September 2021 - 10:33

මෙරට සමස්ත කොරෝනා අසදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ ල...Read More

කොවිඩ් මර්දන එන්නත අනාගහනයෙන් 50% දී අවසන් .
Saturday, 18 September 2021 - 09:38

මෙරට ජන ගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය ...Read More