ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 50,000 ක් දිවයිනට

Wednesday, 07 July 2021 - 09:44

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් -වී එන්නත් මාත්‍රා 50,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා. මෙම එන්නත් තොගය රුසියාවේ ගැමලෙයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගෙනැවිත් එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ කේ- 2528 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දින අලුයම 12.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණා. මෙම එන්නත් තොගය පසුව කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ආනයන අංශයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණා. ඉන්පසුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එම සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණා.

62


 මුණුබුරාගේ පිහි පහරෙන් මිත්තනිය මරු වැළඳ ග...
Saturday, 18 September 2021 - 10:51

 මුණුබුර විසින් පිහියකින් පහර දී සිය මිත්තන...Read More

හදවත් රෝගීන් කඩිනමින් එන්නත්කරණයට යොමු වීම ...
Saturday, 18 September 2021 - 10:33

මෙරට සමස්ත කොරෝනා අසදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ ල...Read More

කොවිඩ් මර්දන එන්නත අනාගහනයෙන් 50% දී අවසන් .
Saturday, 18 September 2021 - 09:38

මෙරට ජන ගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය ...Read More