ක්‍රීඩාපළමු එක්දින තරඟයේ එංගලන්තයට කඩුලු 5ක ජයක්

Wednesday, 30 June 2021 - 09:38

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරඟය කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඩරම් ප්‍රාන්තයේ චෙස්ටර්-ලේ-ස්ට්‍රීට් හි පැවැත්වුණු එම තරඟයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව,  ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 185ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කුසල් පෙරේරා ලකුණු 73ක් රැස්කළ අතර වනිඳු හසරංග ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුණා. ඩේවිඩ් විලී පන්දු ඕවර 10ක් යවා ලකුණු 44කට කඩුලු 3ක් දවාගත් අතර ක්‍රිස් වෝක්ස් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 5ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය  වාර්තා කළා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝ රූට් නොදැවී ලකුණු 79ක් රැස්කළ අතර ජොනී බෙයාස්ටෝ ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 50කට කඩුලු 3ක් දවා ගත්තා. එම ජයග්‍රහණය සමඟින් තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.


90


විරාත් කෝලි T20 නායකත්වයට සමු දීමට තීරණය කරයි.
Friday, 17 September 2021 - 11:15

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ප...Read More

විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල ක...
Thursday, 16 September 2021 - 10:55

දකුණු අප්‍රිකානු සංචාරයේදී දැක්වූ දක්ෂතා හ...Read More

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති රම...
Tuesday, 14 September 2021 - 10:38

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපතිවර...Read More