වසරකට ක්‍රිඩකයන් 100ක් බැගින් විදේශ පුහුණුව සඳහා යැවීමට සූදානම් කෙරෙන සැලැස්මක්

Tuesday, 29 June 2021 - 10:10

වසරකට ක්‍රිඩකයන් සියයක් බැගින් විදේශ පුහුණුව සඳහා යැවීමට සූදානම් කෙරෙන සැලැස්මක් ක්‍රියාත්මක වන බවත් මේ වන විටත් ක්‍රීඩකයන් 60 දෙනෙකු හඳුනාගෙන සිටින බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා. උලහිටිවල ප්‍රදේශයේ ඉදිකළ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණයකර සිටියා. එක්කෙනාට ඇගිලි දිගු කරමින් සිටියහොත් මේ වසර 04 තුළ දී වැඩක් කිරීමට නොහැකි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දක්ෂ ක්‍රීඩකයන් බිහි කර ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යන සැළසුම් සහගත ගමනට ඉදිරියට රැගෙන යන හැකි බවට විශ්වාසය පළ කරා. කිසිවෙකුටත් සිය වගකීමෙන් මිදිය නොහැකි පරිදි නව ක්‍රීඩා පනත කඩිනමින් සකස් කොට රටට අවශ්‍ය ජයග්‍රහණ ලබා දෙන ක්‍රීඩකයන් බිහි කරන බව ද ඒ මහතා වැඩිදුරටත්පවසා සිටියා.


60


විරාත් කෝලි T20 නායකත්වයට සමු දීමට තීරණය කරයි.
Friday, 17 September 2021 - 11:15

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ප...Read More

විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල ක...
Thursday, 16 September 2021 - 10:55

දකුණු අප්‍රිකානු සංචාරයේදී දැක්වූ දක්ෂතා හ...Read More

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති රම...
Tuesday, 14 September 2021 - 10:38

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපතිවර...Read More