කොරෝනා වැළඳී සුවවීමෙන් පසු දරුවන්ට බෝවන මාරාන්තික රෝගයක්

Tuesday, 22 June 2021 - 09:52

කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙයි. කොවිඩ් වෛරසය ආසාදනය වී සති 2 – 6ක් පමණ කාලයක් ගතවන විට එම නව රෝගී තත්ත්වය දරුවන් තුළ හට ගන්නා බවයි ඔහු වැඩිදුර සඳහන් කර සිටියේ. කොරෝනා සෑදී සුවවීමෙන් පසු වෙනත් ආබාධවලට ගොදුරු වූ දරුවන්  06 දෙනෙක් දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද එම දරුවන් වයස අවුරුදු 8ත් 15ත් අතර අය බව ද වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා වැඩිදුර සඳහන් කර සිටියි. මෙය පළමු වරට 2020 අප්‍රේල් මාසයේදී එංගලන්තයෙන් හඳුනාගෙන ඇති අතර උණ, දැඩි ඇඟේ වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, ඇඟේ දද වැනි ස්වභාවයක් හට ගැනීම එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වනබවයි ඔහු වැඩිදුර පවසා සිටියේ.

85


ඇල්ජීරියාවේ හිටපු ජනාධිපති බොටෙෆ්ලිකා අභාව...
Saturday, 18 September 2021 - 11:41

ඇල්ජීරියාවේ හිටපු ජනාධිපති අබ්දෙලාසිස් බොට...Read More

කොවිඩ් එන්නත් ලබා නොගත් ප්‍රංශ සෞඛ්‍ය සේවකය...
Friday, 17 September 2021 - 11:02

ප්‍රංශයේ මිලියන 2.7ක් වු සියලු සෞඛ්‍ය සේවකයින...Read More

අභ්‍යවකාශයට සංචාරයක්.....
Friday, 17 September 2021 - 11:01

පුහුණු ගගනගාමීන් නොමැතිව සංචාරකයින් පමණක් ...Read More