ඉන්දියාවේ දී කොවිඩ් ආසාදනය වී සිංහයෙක් මියයයි | එරට අලි ඇතුන්ටත් PCR ගනී

Thursday, 10 June 2021 - 10:46

ඉන්දියාවේ සත්වෝද්‍යානයක වයස අවුරුදු 9ක් පමණ වන සිංහ ධේනුවක කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය ඉන්දියාවෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාධිත සත්ව මරණය වන අතර නීලා නම් එම සිංහ ධේනුව කොවිඩ් ආසාදනයෙන් මිය යාමත් සමඟ තවත් සිංහයින් 8කු පමණ කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කරනවා. මේ අතර තවත් සිංහයන් දෙනෙකුට වෛරසය ආසාදනයෙන් ආසාධ්‍ය තත්වයේ පසුවන බවත් මේ වන විටත් එරට පසු වෛද්‍යවරුන් අදාළ සතුන් සඳහා ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අතර ඉන්දියාවේ ව්‍යාඝ්‍ර රක්ෂිත ද්විත්වයක සිටින හීලෑ අලි ඇතුන් 56කුට PCR පරීක්ෂණය සිදු කර තිබෙනවා.ඒ එම සතුන් සඳහා වූ පූර්ව ආරක්ෂාව සඳහා බවයි එරට වන සංරක්ෂණ අමාත්‍යවරයා පවසන බව විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කරනවා.

37


ටියුනීසියාවේ වත්මන් දේශපාලන අර්බුදය.
Wednesday, 28 July 2021 - 15:55

2011 විප්ලවයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවා...Read More

එංගලන්තයේ නිරෝධායන නීති ඉවත් කර දමයි.
Tuesday, 20 July 2021 - 13:28

එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන...Read More

බ්‍රසීල ජනපතිට ඉදිරියේ දී ශල්‍යකර්මයක්.
Friday, 16 July 2021 - 11:02

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝගී තත්...Read More