වෛරය නිසාම කැනඩාවේ පවුලක් ඝාතනයට ‍| නව හැවිරිදි දරුවෙකුටත් බරපතළ ලෙස තුවාල

Wednesday, 09 June 2021 - 10:44

කැනඩාවේ රියදුරෙකු විසින් දැනුවත්වම නිරපරාදේ පාරේ සිටගෙන සිටි පවුලක් සිය වාහනයෙන් යටකරගෙන ගොස් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉතාමත් කෲර අන්දමින් ඔහු විසින් සැලසුම්සහගතව අදාළ පවුලේ සිවුදෙනෙකු ඝාතනයට ලක් කොට ඇති බවයි කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පොලිසිය සඳහන් කරන්නේ.
ඝාතනයට ලක් වූ සියල්ලම එකම පවුලේ සාමාජිකයින් වන අතර පසුගිය ඉරිදා ඔවුන් ඔන්ටාරියෝ සිටි ඔෆ් ලන්ඩන්හි පාර මාරු වීමට සිටියදී මෙම පහර දීම සිදු කර ඇති තවත් කුඩා දරුවෙකු හට බරපතළ ලෙස තුවාල සිදු කර තිබෙනවා.
මියගිය අය අතර 77 සහ 44 හැවිරිදි කාන්තාවක් ද 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 15 හැවිරිදි ගැහැණු ළමයෙකු ද සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් 20 හැවිරිදි නතානියල් වෙල්ට්මන් නම් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ලන්ඩන් නුවර නගරාධිපතිවරයා පවසා සිටියේ මෙය මුස්ලිම් පාර්ශවයට එරෙහිව සිදු කරන ලද සමූහ ඝාතනයක් බවයි. මේ සම්බන්ධයෙන් කැනඩාවේ අගමැතිවරයා විසින් ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය ශෝකය පවසා සිටියා.

30


අද කාලගුණ වාර්තාව.
Friday, 30 July 2021 - 10:25

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ග...Read More

ඉෂාලිනිගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි.
Friday, 30 July 2021 - 10:24

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවස...Read More

සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ආයෝජන අවස්ථා රැසක් ල...
Thursday, 29 July 2021 - 10:03

පකිස්තාන, බංග්ලාදේශ මහ කොමසාරිස්වරු සහ සෞදි ...Read More