රෝගීන් 3,000ක් හොයාගන්නකොට තවත් 10,000ක් සමාජයේ ඉන්නවා

Wednesday, 09 June 2021 - 10:27

සංචරණ සීමා පැනවීමේ නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් අවම වශයෙන් තවත් මාසයක පමණ කාලයක් මෙම සීමා ක්‍රියාත්මක වියයුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා ආර්ථික වශයෙන් කෙතරම් හානියක් සිදු වුවත තවත් මාසයක් පමණ හෝ සීමා ක්‍රියාත්මක නොවුවහොත් ඉන් ඇතිවන ප්‍රතිඵල භයානක විය හැකි බවයි එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරිය සඳහන් කළේ සංචරණ සීමා ක්‍රියාත්මකව පවතිද්දී සාමාන්‍ය ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවයි. ඇතැම් පුද්ගලයන් වගකීම් විරහිතව කටයුතු කරන බව පෙන්වා දෙන ඇය පවසන්නේ සංචරණ සීමා පැනවීමේ නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් ජනතාවගේ සහාය අනිවාර්ය වන බවයි.තවමත් දෛනිකව ආසාදිතයන් 3000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන නමුත් වාර්තාවලට හසු නොවන 10,000 ක් පමණ සමාජයේ සිටිය හැකි බවයි ‍ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ. ඒ අනුව ඉදිරියේදී ඇතැම් විට දෛනික ආසාදිතයන් ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවත්, තවත් සති තුනක් – හතරක් යනතෙක් දෛනික ආසාදිතයන් ප්‍රමාණ පහත නොබසිනු ඇති බවත් එම සංගම අවධාරණය කරනවා.

34


අද කාලගුණ වාර්තාව.
Friday, 30 July 2021 - 10:25

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ග...Read More

ඉෂාලිනිගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි.
Friday, 30 July 2021 - 10:24

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවස...Read More

සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ආයෝජන අවස්ථා රැසක් ල...
Thursday, 29 July 2021 - 10:03

පකිස්තාන, බංග්ලාදේශ මහ කොමසාරිස්වරු සහ සෞදි ...Read More