විදෙස් දුම්වැටි තොගයක් සමග අයෙක් දැලේ

Tuesday, 08 June 2021 - 14:52

මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල පොලිස් බලප්‍රදේශයේ මුල්ලේකුඹුර ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී තීරු බදු රහිතව මෙරටට රැගන ආ විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී එම සැකකරු සන්තකයේ තිබී විදෙස් දුම්වැටි 64 ක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයම පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයකු වන අතර සැකකරු ඉදිරි විමර්ශන සඳහා බුත්තල පොලීසිය වෙත භාර දී තිබෙනවා. එම සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.

30


අද කාලගුණ වාර්තාව.
Friday, 30 July 2021 - 10:25

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ග...Read More

ඉෂාලිනිගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි.
Friday, 30 July 2021 - 10:24

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවස...Read More

සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ආයෝජන අවස්ථා රැසක් ල...
Thursday, 29 July 2021 - 10:03

පකිස්තාන, බංග්ලාදේශ මහ කොමසාරිස්වරු සහ සෞදි ...Read More