රජයෙන් ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතිවල ප්‍රමුඛතාවය ලැබෙන අය

Wednesday, 12 May 2021 - 23:31

අඩු අදායම්ලාභින් සහ මධ්‍යම පාන්තිකයින් වැඩි පිරිසකට නිවාස ලබාදීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ  පස්වරුවේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා එම උපදෙස් ලබාදුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. අඩු ආදායම්ලාභින් සහ මධ්‍යම පාන්තිකයින් සඳහා යෝජිත නිවාස ව්‍යාපෘති මෙන්ම දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහි දී අවධානය යොමු කර තිබෙනවා. එම ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව කඩිනමින් නිමා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්. මේ අතර බම්බලපිටිය සහ නාරාහේන්පිට ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කඩිනම් කරන ලෙසත් අදාළ කොන්ත්‍රාත් සමාගම් දැනුවත් කර වැඩි පිරිසකට නිවාස පහසුකම් හිමිවන පරිදි එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙනවා.

94


ස්මාර්ට් කැබ් රථ ආනයනයේදී රේගුව විසින් අඩු බ...
Saturday, 24 July 2021 - 14:06

ඩබල් කැබ් මාදිලි‍යේ වාහන ස්වරූපයට සමාන අයුර...Read More

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා බහරේනය ...
Wednesday, 21 July 2021 - 10:32

මැද පෙරදිග සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරී...Read More

ගෑස් සිලින්ඩර්වල බර කිරයි | වෙළඳසැල් කිහිපයක...
Wednesday, 02 June 2021 - 21:56

වෙළෙඳපොලේ විකිණීමට තබා ඇති ගෘහස්ථ ගෑස් සිලි...Read More