පාකිස්තානයට ලකුණු 11ක ජයක්

Thursday, 22 April 2021 - 08:54

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 11ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. හරාරේ හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා. සියලු පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් ඉනිමට නොලැබුණ ද ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 61කින් නොදැවී ලකුණු 82ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 10ක් ඇතුළත්. පන්දු යැවීමේ දී Luke Jongwe සහ Wesley Madhevere කඩුලු 2 බැගින් බිද හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි. ක්‍රෙයිග් අර්වින් ලකුණු 34ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී උස්මාන් කාදීර් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තා

13


චෙන්නායි පිතිකරණ පුහුණුකරු මයික් හසීටත් කො...
Thursday, 06 May 2021 - 09:30

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පු...Read More

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයි...
Wednesday, 05 May 2021 - 11:09

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාව...Read More

තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි.
Tuesday, 04 May 2021 - 08:49

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජ...Read More