119 අමතා බොරු තොරතුරු දුන් කාන්තාවන් දෙදෙනෙකුට වැඩ වරදී

Wednesday, 21 April 2021 - 09:53

දංකොටුව පාලිස් ස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට 119 අමතා ව්‍යාජ දුරකතන ඇමතුමක් ලබා දුන් බව කියන සැකකාරියක්ව මෙම මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ මාරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අසංක ශ්‍යාමල් බෝදරගම මහතා විසින්. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දංකොටුව – මොහොට්ටිමුල්ල පදිංචි 23 හැවිරිදි තරුණියක් වන අතර සැකකාරිය විසින් ඇමතුම ලබා ගත් දුරකතනයේ හිමිකාරිය වන ඇයගේ සහෝදරියව රුපියල් ලක්ෂ 03 ක ශරීර ඇප මත මුදා හැරීමට දිසා විනිසුරුවරයා නියම කර තිබෙනවා. පසුගිය 18 වැනිදා රාත්‍රීයේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට අදාළ කාන්තාව විසින් ඇමතුමක් ලබා දී සදහන් කර ඇත්තේ දංකොටුව පොලිස් ස්ථානයට එදින රාත්‍රීයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවත්,ඒ සදහා කොළඹ සිට පාතාල කණ්ඩායමක් පැමිණෙමින් සිටින බවයි. එම පණිවිඩය අනුව දංකොටුව පොලීසියේ ආරක්ෂාව තර කර දුරකතන විශේලේෂණ අනුව විමර්ශණ කටයුතු ආරම්භ කර තිබෙනවා. විමර්ශණය සිදු කළ වෙන්නප්පුව පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් ඇමතුම ලබා දුන් දුරකතනය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් පදිංචි ස්ථානය වටලා සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් දංකොටුව පොලීසිය සහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරමින් පවතිනවා.

20


තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකල...
Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මො...Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍...
Thursday, 06 May 2021 - 09:40

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලය...Read More

දඹුල්ල ආර්ථිකයේ වෙළෙඳසැල් 5 ක් යළි වසා දැමෙයි.
Wednesday, 05 May 2021 - 11:48

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ...Read More