සටන්කාමීන් ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

Wednesday, 21 April 2021 - 09:07

සටන්කාමීන් සමග ඇතිවූ ගැටුමක් අතරතුර චැඩ් ජනාධිපති ඉද්රිස් ඩේබි මරණයට පත්වූ බව එරට හමුදාව නිවේදනය කරයි.
ඔහු පසුගිය සති අන්තයේ උතුරු දේශසීමාවේ ස්ථානගත වී සිටින හමුදා භටයින් හමුවීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඇතිවූ ප්‍රහාරයකින් ජනාධිපතිවරයා මියගිය බව සඳහන් වේ. එරට මැතිවරණය පසුගිය 11 වනදා පැවති අතර එහි මූලික ප්‍රතිඵල අනුව ජනාධිපතිවරයා සය වැනි වරටත් තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔහුගේ මරණින් පසුව රජය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉදිරි මාස 18 සඳහා රට පාලනයට මිලිටරි කවුන්සිලයක් ස්ථාපනය කර තිබේ. 1990 දී ආයුධ සන්නද්ධ අරගලයකින් අනතුරුව ඉද්රිස් ඩේබි, චැඩ් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස පත්වුණි

15


20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැ...
Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් ...Read More

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ.
Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත ත...Read More

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ට ආසන්න වෙය...
Thursday, 06 May 2021 - 09:32

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාද...Read More