නුවරඑළියේ රිය අනතුරක්

Tuesday, 20 April 2021 - 12:32

නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිද උද්‍යානය අසළ මහ වංගුව ප්‍රදේශයේදි අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයකට මාර්ගයේ ගමන් ගත් දෙදෙනෙකු යට වී අනතුරට පත් විමෙන් පසු එම මොටර් රථය පැය පහක කාලයක්
හක්ගල ප්‍රදේශවාසින් භාරයේ රදවාගෙන ගම්වාසින්ගේ ඉල්ලිම් ලබාදිමෙන් පසු එම මොටර් රථය ගම්වාසින් විසින් නුවරඑලිය පොලිසිය වෙත භාර දී තිබෙනවා. නුවරඑළිය සිට ඇල්ල දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයකට හක්ගල උද්භිද උද්‍යානය අසළ මහ වංගුව ප්‍රදේශයේදි ඊයේ දින පස්වරු 1.30 ට පමණ හක්ගල
උද්භිද උද්‍යානය නැරඹීමට තිස්සමහරාමය ප්‍රදේශයේ සිට පැමිණි යුධ හමුදා
සෙබලෙකු සහ ඔහුගේ මිතුරෙකු එම මෝටර් රථයට යට වී බරපතල ලෙස තුවාල ලබා
නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කෙරුණා. අනතුර සිදු වීමෙන් පසු නුවරඑළිය - වැලිමඩ ප්‍රධාන මාර්ගය මහ වංගුව ප්‍රදේශයෙන් ගම්වාසින් විසින් හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට  බාධා පැමිණ තිබුණ බවයි අප වාර්තාකරු පැවසුවේ. උද්ඝෝෂණයේ නිරතව සිටි හක්ගල ප්‍රදේශවාසින් කියා සිටියේ අප්‍රේල් 01 දිනද
ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මත පෙරලීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු එම ස්ථානයේදි ජිවිතක්ෂයට පත් වී තවත් අනතුරු ගණනාවක් සිදු වු බවයි. හක්ගල මහ වංගුව ප්‍රදේශයේ බහුල වශයෙන් අනතුරු සිදු වන නිසා එම ස්ථානයේ මාර්ග සංඥා ස්ථාපනය කරන ලෙසට අදාල බලධාරින්ට සහ මාර්ග සංවර්ධන අධිකාරිය
දැනුවත් කලත් එයට මෙතෙක් කිසිදු විසදුමක් නොලද නිසා තවදුරටත් එම ස්ථානයේ අනතුරු සිදු වන බවයි.
හක්ගල ප්‍රදේශවාසින්ගේ විරෝධතාවය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු එම ස්ථානයේ වේග සිමා අඩු කිරිමට මාර්ග සංවර්ධන අධිකාරි විසින් පිලියමක් යෙදිමෙන් පසු ගම්වාසින් භාරයේ තිබු අනතුර සිදු කල මොටර් රථය පොලිසිය වෙත භාර දිමට
උද්ඝෝෂණයේ නිරතව සිටි හක්ගල ප්‍රදේශවාසින් කටයුතු කරනු ලැබුවා.

16


තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකල...
Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මො...Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍...
Thursday, 06 May 2021 - 09:40

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලය...Read More

දඹුල්ල ආර්ථිකයේ වෙළෙඳසැල් 5 ක් යළි වසා දැමෙයි.
Wednesday, 05 May 2021 - 11:48

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ...Read More