තලගොයි ඇල්ලූ අයෙක් දැලේ

Tuesday, 20 April 2021 - 12:30

කිලිනොච්චිය, වට්ටකච්චි, පුදුකාඩු ප්‍රදේශයේදී තලගොයි පස් දෙනෙකු අල්ලා ගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය වනජිවි කාර්යාලය පවසනවා. කිලිනොච්චිය වනජිවි කාර්යාලය පැවසුවේ වනජිවි නිලධාරීන් වෙත ලද තොරතුරක් මත අදාළ සැකකරු හා තලගොයි සොයා ගත් බවයි. සැකකරු මස් පිණිස අදාළ තලගොයි අල්ලා ඇති බවට වනජිවි නිලධාරීන් අනාවරණය කොට ගෙන ඇති අතර සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බැව්ද වනජිවි නිලධාරීන් පැවසුවා. අධිකරණ නියෝග යටතේ අල්ලා ගත් තලගොයි ප්‍රදේශයේ රක්ෂිතයකට මුදා හැරීමට කටයුතු කළ බවද වනජිවි නිලධාරීන් සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වනජිවි කාර්යාල නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙය වනවා.

8


තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකල...
Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මො...Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍...
Thursday, 06 May 2021 - 09:40

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලය...Read More

දඹුල්ල ආර්ථිකයේ වෙළෙඳසැල් 5 ක් යළි වසා දැමෙයි.
Wednesday, 05 May 2021 - 11:48

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ...Read More