මල්ලීගේ පොලු පහරින් අක්කා මරුට

Tuesday, 20 April 2021 - 09:16

නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් බී.කඳවුර ආලංකුඩාව ප්‍රදේශයේ (19) අලුයම සිය බාල සහෝදරයා විසින් මන්ද මානසික වැඩිමහල් සහෝදරියව පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව නොරොච්චෝල පොලිසිය සදහන් කරයි.
මෙසේ පොලු පහරින් බරතල තුවාල ලබා මරණයට පත්ව ඇත්තේ උපතින්ම කතා කිරීමට නොහැකි අංගවිකලව සිටි අයිනුල් මර්ලියා නැමති (43) හැවිරිදි අයෙකු බවත්, ඇය ඇවීදීමේ අපහසුතාවයට පත්ව සිය නිවසේ ඇද මත කාලය ගත කරන බව කියයි. සිය බාල සොහොයුරා නිවසට පැමිණිමට ප්‍රමාද වීම හේතුවෙන් කෝපයට පත් මව ඔහුට බැණවැදීම හේතුවෙන් මවත් සමග බහින්බස්වූ බාලසහෝදරයා අවේගයට පත්ව කාමරයේ නිදාගෙන සිටි අංගවිකල සහෝදරියට පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදුකර ඔහුගේම තවත් වැඩිමහල් සහෝදරියකටද තුවාල සිදුකර පලා ගොස් තිබුණි.
පොලු පහරින් බරතල තුවාල ලැබූ සහෝදරියගේ හිසෙන් අධික ලෙස රුධිරය වහනය වීමෙන් පසුව මරණයට පත්ව ඇති බව නොරොච්චෝල පොලිසිය සදහන් කරයි. පසුව සැකකාර බාල සහෝදරයාව ප්‍රදේහවාසීන් විසින් ලුහුබැද අල්ලා නොරොච්චෝල පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි. සැකකාර සහෝදරයා අධික ලෙස ගංජා පානයට ඇබ්බැහිවූ අයෙකු බවත්, නිරන්තරයෙන් මරණයට පත්වූ සහෝදරිය සහ පවුලේ අනෙකුත් අය සමග අඩදබර ඇති කර ගන්නා බව පොලිසිය කල මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

 

10


තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකල...
Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මො...Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍...
Thursday, 06 May 2021 - 09:40

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලය...Read More

දඹුල්ල ආර්ථිකයේ වෙළෙඳසැල් 5 ක් යළි වසා දැමෙයි.
Wednesday, 05 May 2021 - 11:48

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ...Read More