දිල්හාරට වසර 8ක ක්‍රිකට් තහනමක් අයි.සී.සීය පනවයි

Tuesday, 20 April 2021 - 08:58

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 8ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. ඒ, අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ වන චෝදනා තුනකට ඔහු වැරැදිකරු බවට සනාථ වීම හේතුවෙන්. ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවූ 2019 වසරේ අප්‍රේල් 3 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම තහනම පනවා ඇති බව සදහන්. ස්වාධීන දූෂන විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින් අනතුරුව දිල්හාර ලොකුහෙට්ටිගේ අදාළ චෝදනා 3ට වැරදකරු බවට තීන්දු කළේ යැයි ජගත් ක්‍රිකට් කවුන්සලය පසුගිය ජනවාරි 28 වනදා නිවේදනය කර තිබුණා. 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T10 තරගාවලියට අදාළවයි ඔහුට එරෙහිව දූෂන චෝදනා එල්ල වු‍ණේ.


එල්ල වූ චෝදනා –

Article 2.1.1 – for being party to an agreement or effort to fix or contrive or otherwise influence improperly the result, progress, conduct or other aspect(s) of a match.

Article 2.1.4 – Directly or indirectly soliciting, inducing, enticing, instructing, persuading, encouraging or intentionally facilitating any Participant to breach Code Article 2.1.

Article 2.4.4 – Failing to disclose to the ACU full details of any approaches or invitations received to engage in corrupt conduct under the Code



10


චෙන්නායි පිතිකරණ පුහුණුකරු මයික් හසීටත් කො...
Thursday, 06 May 2021 - 09:30

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පු...Read More

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයි...
Wednesday, 05 May 2021 - 11:09

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාව...Read More

තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි.
Tuesday, 04 May 2021 - 08:49

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජ...Read More