කටුනායක ගුවන් මගීන්ගේ පහසුවට ගූගල් ගෘහස්ථ සිතියමක්

Friday, 09 April 2021 - 09:30

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසෙන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ගූගල් ගෘහස්ථ සිතියම් තාක්ෂණය හදුන්වා දීම ගුවන් තොටුපළේ පැවති උත්සවයක දී සිදු කෙරුණා. මෙම තාක්ෂණය මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ගුවන් මගීන්ට සහ ඔවුන්ගේ අමුත්තන්ට ඔවුන් ගුවන් තොටුපළ තුළ ගමන් කළ යුතු ස්ථාන පිළිබඳව මාර්ගයන් සොයා ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා දීම මේ අනුව සිදු කෙරෙනු ඇති. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙම මෙම ගෘහස්ථ සිතියම් තාක්ෂණය කටුනායක ගුවන් තොටුපළ විසින් හදුන්වා දීම සිදු කර තිබීම විශේෂත්වයක්. මෙම සිතියම් තාක්ෂණය පරිශීලකයන්ට කටුනායක ගුවන් තොටුපළ ගොඩනැගිලි නාමාවලිය, ගුවන් ගමන් දොරටු පර්යන්ත, ගමන් මලු ඉල්ලීම, ප්‍රවේශ පත්‍ර කවුළු, ආගමන විගමන පරිශ්‍ර, රේගු පරිශ්‍ර, පොලීසිය, සනීපාරක්ෂක පහසුකම් ආදිය පිළිබඳව කිසිදු බාහිර පාර්ශවයකින් විමසීමකින් තොරව දැන ගත හැකියි. මෙම තාක්ෂණික පහසුකම සදහා පිවිසීමට ඕනෑම ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් උපාංග, ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ් උපකරණ භාවිතා කළ හැකි වනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ සේවය කරන තොරතුරු තාක්ෂණ කණ්ඩායම් එක්ව මෙම ගූගල් ගෘහස්ථ සිතියම් සක්‍රීය කිරීමට පියවර ගෙන තිබුණා. මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි, එම සමාගමේ  අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර,  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති නීතීඥ උපුල් ධර්මදාස, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද ගසිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා. මෙම ගූගල් ගෘහස්ථ සිතියම් තාක්ෂණය සක්‍රීය කිරීම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල්  ජී ඒ චන්ද්‍රසිරි, එම සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති නීතීඥ උපුල් ධර්මදාස යන මහත්වරුන් අතින් සිදු කෙරුණා.

22


තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකල...
Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මො...Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍...
Thursday, 06 May 2021 - 09:40

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලය...Read More

දඹුල්ල ආර්ථිකයේ වෙළෙඳසැල් 5 ක් යළි වසා දැමෙයි.
Wednesday, 05 May 2021 - 11:48

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ...Read More