දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාවට – ඉදිකිරීමට යෝජිත ප්‍රදේශය මෙන්න

Friday, 09 April 2021 - 09:19

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාවේ යෝජිත බෝපිටිය විවේක උද්‍යානයේ ඉදිවන බව ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. එය මැලේසියාවේ සහ කොරියාවේ ආයෝජන සහිත සමාගමක් වන Korea Cavitation සමාගම විසින් නිර්මාණය කරනු ඇති බවයි වාර්තා කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව Korea Cavitation සමාගමේ සභාපති බේක්ජියම් කිම් සහ ශ්‍රී ලංකා නියෝජිතයන් පැවසුවා. මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර 150 ක ඉඩමක් බදු පදනම මත ලබා ගැනීමට ද සාකච්ඡා කෙරෙමින් පවතින බවයි ඔවුන් පවසා ඇත්තේ. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් ජාත්‍යන්තර අරමුදල් හරහා ලබා ගැනීමට බලාපොරොත්තු වනවා. කොරෝනා වයිරස් වසංගතයට පෙර අරමුදල්වලින් 30% ක් ලබාගෙන ඇති බව ද එම පුවත්පත වාර්තා කර තිබෙනවා. යෝජිත ව්‍යාපෘතිය කලාපයේ ක්‍රියාත්මක වන එකම ඩිස්නිලන්තය වනු ඇති.


41


තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකල...
Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මො...Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍...
Thursday, 06 May 2021 - 09:40

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලය...Read More

දඹුල්ල ආර්ථිකයේ වෙළෙඳසැල් 5 ක් යළි වසා දැමෙයි.
Wednesday, 05 May 2021 - 11:48

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ...Read More