ලන්ඩනයේ මියන්මාර් තානාපති මෝටර් රථයක් තුළ රාත්‍රිය ගත කරයි

Friday, 09 April 2021 - 09:13

මියන්මාර් හමුදා පාලනය විවේචනය කළ එක්සත් රාජධානියේ සිටින මියන්මාර් තානාපතිවරයා රාත්‍රිය සිය මෝටර් රථය තුළ ගතකර ඇති බව වාර්තා වේ ඒ, ඔහු ට ලන්ඩන් නුවර පිහිටි තානාපති කාර්යාල ගොඩනැගිල්ලට පැමිණීම වළක්වා තිබීම හේතුවෙනි. ක්වව් ස්වෝර් මින් පැවසුවේ, තානාපති කාර්යාලයේ සේවය කළ අනෙක් පිරිසට ද මියන්මාර් තානාපති කාර්යාලයේ "ආරක්ෂක උපදේශකවරයා" විසින් ගොඩනැගිල්ලෙන් ඉවතට යන ලෙස දන්වා ඇති බවය. එසේම තානාපතිවරයාට දන්වා ඇත්තේ ඔහු මෙතැන් සිට එරට නියෝජිතයා නොවන බවය. මියන්මාර් හමුදා නායකයන් විසින් 2021 පෙබරවාරි 01 වනදා අවුන් සාන් සුකී ව බලයෙන් නෙරපා එරට පාලන බලය අල්ලා ගත්තේය. මේ වනවිට කුඩා දරුවන්ද ඇතුළුව 500කට අධික පිරිසක් හමුදාව විසින් ඝාතනය කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.  "ක්වව් ස්වෝර් මින්" ද හිටපු හමුදා නිලධාරියෙකි. අවුන් සාන් සුකී නිදහස් කළ යුතු බව ඔහු පසුගියදා පැවසීය. මේ වනවිට මියන්මාරය දෙකට බෙදී ඇති බවත් ඒ හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානම ඇති බවත් ඔහු පවසයි

34


20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැ...
Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් ...Read More

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ.
Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත ත...Read More

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ට ආසන්න වෙය...
Thursday, 06 May 2021 - 09:32

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාද...Read More