කොළඹ සිට නුවරඑළිය දක්වා අනාරක්ෂිත ලෙස දුරකථන රැහන් රෝල් රැගෙන ගිය ලොරි රථයකින් රැහන් සහිත රෝල් කිහිපයක් ප්රධාන මාර්ගයට වැටීමෙන් ප්රධාන මාර්ගයේ ගමන් ගත් මගින් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්රදේශයේදීයි.
දුරකතන රැහන් සහිත රෝල් ප්රවාහනය කළ ලොරි රථය වංගුව ගැනීමත් සමග ලොරි රථයේ ප්රවාහනය කරමින් තිබූ දුරකථන රැහන් රෝල් කිහිපයක් ප්රධාන මාර්ගයට වැටී එම රෝල් කිහිපයක් ප්රධාන මාර්ගය හරහා පෙරලී තිබෙනවා.
ලොරි රථයෙන් දුරකථන රැහන් වැටීමත් සමග ලොරි රථයේ රියදුරා ලොරි රථය නවත්වා ප්රධාන මාර්ගයට වැටුණු දුරකථන රැහන් සහිත රෝල් ලොරි රථයට නංවා ගෙන ආපසු සිය ගමන්නාතය දක්වා ගොස් තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

18