දඹුල්ල කුරුණෑගල ප්රධාන මාර්ගයේ ගලේවෙල පොලිස් බලප්රදේශයට අයත් ඕමාරගොල්ල ප්රදේශයේදී 07 දින රාත්රියේ ත්රිරෝද රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් ත්රීරෝද රථ රියදුරෙකු මියගොස් ඇතැයි ගලේවෙල පොලීසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ පොතුහැර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන බී. මහින්දරත්න නැමැති 46 හැවිරිදි ත්රීරෝද රථ රියදුරෙකු බව හඳුනාගෙන තිබෙනවා
වැලි ප්රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන බවත් අනතුර සිදුවී බරපතල තුවාල ලැබූ රියදුරු ගලේවෙල රෝහල්ට ඇතුළත් කරන විට මියගොස් තිබූ බව පොලීසිය පවසනවා.
වැලි ප්රවාහනය කරමින් තිබු ටිපර් රථය දඹුල්ල දෙසින් කුරුණෑගල දෙසට ධාවනය වී තිබෙන බවත් ත්රිරෝද රථය කුරුණෑගල දෙසින් දඹුල්ල දෙසට ධාවනය වී තිබෙන බවත් ත්රීරෝද
රථය තවත් වාහනයකට ඉස්සර කිරීම්ට යද්දී මෙම අනතුර සිදුවන්නට ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවලදීවලදී හෙළි වී යැයි ගලේවෙල පොලිසිය පවසනවා.
13