දඹුල්ල අනතුරකින් අයෙක් මරුට

Thursday, 08 April 2021 - 10:17

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පොලිස් බලප්‍රදේශයට අයත් ඕමාරගොල්ල ප්‍රදේශයේදී 07 දින රාත්‍රියේ ත්‍රිරෝද රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරෙකු මියගොස් ඇතැයි ගලේවෙල පොලීසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බී. මහින්දරත්න නැමැති 46 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු බව හඳුනාගෙන තිබෙනවා
වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන බවත් අනතුර සිදුවී බරපතල තුවාල ලැබූ රියදුරු ගලේවෙල රෝහල්ට ඇතුළත් කරන විට මියගොස් තිබූ බව පොලීසිය පවසනවා.
වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථය දඹුල්ල දෙසින් කුරුණෑගල දෙසට ධාවනය වී තිබෙන බවත් ත්‍රිරෝද රථය කුරුණෑගල දෙසින් දඹුල්ල දෙසට ධාවනය වී තිබෙන බවත් ත්‍රීරෝද
රථය තවත් වාහනයකට ඉස්සර කිරීම්ට යද්දී මෙම අනතුර සිදුවන්නට ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවලදීවලදී හෙළි වී යැයි ගලේවෙල පොලිසිය පවසනවා.


11


දඹුල්ලේ බස් අනතුරක්.
Friday, 09 April 2021 - 09:33

දඹුල්ල හබරණ ප්‍රධාන ප්‍රධාන මාර්ගයේ දිගම්ප...Read More

කටුනායක ගුවන් මගීන්ගේ පහසුවට ගූගල් ගෘහස්ථ ස...
Friday, 09 April 2021 - 09:30

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ...Read More

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාව...
Friday, 09 April 2021 - 09:19

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාව...Read More