ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අත්සන් තබා තිබෙනවා. මෙම දකුණු ආසියානු රටවල් දෙක අතර නිරන්තර සම්බන්ධතාවය හා හවුල්කාරිත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඇෆ්ගනිස්ථාන රජය නියෝජනය කරමින් කොළඹ ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදාරි යන මහත්වරුන් අත්සන් තැබූ බවයි විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙම අවබෝධතා ගිවිසුම යටතේ විදේශ අමාත්‍යාංශ දෙකෙහිම සක්‍රීය පහසුකම් සැපයීම තුළින්, ශ්‍රී ලංකා -ඇෆ්ගනිස්ථාන ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද එමඟින් ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය පිළිබඳ වාර්ෂික සමාලෝචනයක් සිදු කිරීමට හැකි වනු ඇතැයි ද දෙරටේ විශ්වාසය පළව තිබෙනවා. මෙය දේශපාලන, ආර්ථික කටයුතු, ආරක්ෂාව, සංස්කෘතිය, සෞඛ්‍ය, සාමාජීය, පුද්ගලාන්තර සබඳතා සහ කලාපීය සහයෝගීතාව ඇතුළු පොදු අවශ්‍යතා පිළිබඳ අනෙකුත් ක්ෂේත්‍ර ආවරණය කරනු ලබන බව සඳහන්. එමෙන්ම මෙම අවබෝධතා ගිවිසුමට එළඹීමත් සමඟ දකුණු ආසියාවේ සියලුම රටවල් සමඟ දේශපාලන උපදේශන හෝ විදේශ කාර්යාල උපදේශන පිළිබඳ ද්විපාර්ශ්වික නෛතික ලේඛන ස්ථාපනය කිරීම ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කරනු ලැබීමට නියමිතයි. අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුම දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වසර 63 ක ඉතිහාසයේ වැදගත් ද්විපාර්ශ්වික නෛතික ලේඛනයක් වනවා. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ නුදුරු අනාගතයේ අන්‍යෝන්‍ය වශයෙන් පහසු අවස්ථාවක දී සමාරම්භක දේශපාලන උපදේශන සැසිය පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවයි නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. ආර්ථික හා වෙළඳ කටයුතුවලදී සමීප සහයෝගීතාව මෙන්ම අසල්වැසි හා සාර්ක් සාමාජික රටවල් සමඟ සම්බන්ධතාවය පවත්වා ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍යතාන්ත්‍රික ඉලක්කයයි. තේ, මැණික් හා ස්වර්ණාභරණල වියළි පලතුරුල ඇට වර්ග සහ ධාන්‍ය වර්ග ඇතුළු ද්විපාර්ශ්වික වෙළඳාම සඳහා ඉහළ අවස්ථාවක් පවතින ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර සෘජු ගුවන් සම්බන්ධතාවය මගින් දෙරටටම සංචාරක සංස්කෘතික හා සාමාජීය කටයුතුවලදී සමීප සහයෝගීතාවයක් ඇති කර ගත හැකි බව ඉස්මතු කර තිබෙනවා. කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ කොළඹ ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලයේ සහ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.
18