අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවු තද වැසි.

Thursday, 08 April 2021 - 10:04

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේහෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතී. අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව,වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (08) දහවල් 12:12 ට බෝලවත්ත, වෑදෙනිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, අම්පාර සහ ඔලුවිල් යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

 
10


දඹුල්ලේ බස් අනතුරක්.
Friday, 09 April 2021 - 09:33

දඹුල්ල හබරණ ප්‍රධාන ප්‍රධාන මාර්ගයේ දිගම්ප...Read More

කටුනායක ගුවන් මගීන්ගේ පහසුවට ගූගල් ගෘහස්ථ ස...
Friday, 09 April 2021 - 09:30

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ...Read More

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාව...
Friday, 09 April 2021 - 09:19

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාව...Read More